ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

December 17, 2009

සිහිල් මිතුදම

උඳුවප් මසේ එකුන් සොලොස් දිනය එදා
ලැබුනිය ඔබේ ප්‍රතිචාරය මවෙත රඳා
මගෙ ඇරයුමට ඔබගේ සිත් සතුට යොමා
විමු අපි එකිනෙකාගෙ සොඳ මිතුරු සදා

December 16, 2009

නෙතු ගැටුනා මිණි යුවලක්

සැරිසරනා විටදී මට නොදැනීම
මුහුණු පොතේ දුටුවෙමි ඔබෙ රුව එදින
නෙත් දෙක අයා සිටියෙමි මා ඔබ වෙතට
සිතුනිය මදක් නැවතුනු බව වේලාව

දැනුනේ මහට සුපුරුදු ගතියක් නිබද
මුව දුටු කල්හි එහි සැඟවුණු හසරැල්ල
ඇසි පිය හෙලන්නට අමතක වීය මට
මතකයි එදා මෙන් අදටත් ඒ මොහොත

අකුණක් වැදුනු මෙන් විය මා හද පතුලේ
දිදුලන ඔබෙ ණුවන් මිණි යුගලක් ම වෙතේ
සිටියේ උරය දී සුදු බිතු තලය වෙතේ
එලෙසයි ඔබ දුටුවෙ මා සේයා-රුවේ ඔබේ

එකතු කර ගතිමි ඔබ යෙහෙලියක ලෙස
සමග හද පිරී ගිය පැතුමන් ඇතිව
කෙදින දකින්නට වෙද ඔබ සැබැවින්ම
නික්මුණි එයින් හද බැඳි පැතුමන් ඇතිව






December 14, 2009

මුල් පිටුව

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.