නුරා කඳුලැල් සුසුම් හසරැල්

ඇත නෙතග කඳුළු බිඳු ඔබෙ නමින් වැටෙන්නට
නෑ කෙනෙකු පිසින්නට ඒ කඳුළු නෙතින් මගෙ
හද පතුල කැකෑරෙන සෝ තැවුල නිවන්නට
හැකිද එක කඳුලකට ඔබෙ අඩුව පුරවන්න

දැනෙන ආදර සුවඳ ඔබ කෙරෙන් මා හදට
නොඉවසුම් දේ මෙමට ලංවී සිටින්නට
දෙනෙතගින් ගිලිහෙනා හැම සුසුම් කඳුලකම
ඔබෙ නමයි ලියැවිලා ඇත්තේ පෙමින් මා

ආදරෙයි දිවි තුරා නැත යන්නෙ හැර දමා
ලැබේ නම් ලැගුම් ගෙන ඔබ සමීපෙන් ඉන්න
ගතවෙනා නිමේෂයෙ ඔබ පැමිණ මා හදට
සියොළඟම ආදරෙන් පුරවන්න නිති පෙ
මින්

නැත මෙලෙස හැඟී ගොස් පෙරදීද මා සිතේ
මෙවන් පෙම් හැඟුම් නොම මා සිතේ රජ කළේ
නැත කෙදින ඔබව තනි වන්නෙ මා සමගිනේ
මා මියෙන්නේ ඔබේ ළමැද මත නිසැකිනේ


Comments