ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

March 31, 2010

ගුණමකු නිසරු ලියන්

(තොප්පිය වැටෙන සියළුම කාන්තාවන් සුදුසු පරිදි තොප්පිය පළඳින සේක්වා! සාදු! සාදු! සාදු!!!)

කාන්තාවො ඇත්තෙය අප වැඩ පොළෙහි
සිතා ඉන්නෙ ලෝකෙම අත උඩ බවය
එලෙස වුනත් ලෝකෙම සට්ටම් මැදය
මොලේ ඇත්තෙ ඊට වඩා ඇතුලෙන්ය

පිරිමි අපෙන් ඉල්ලු උදව් නොකළ නිසා
සිතා සිටී කොඳු ඇට පෙළ නැතේ කියා
ඔවුනගෙ සහකරුවොද එය නොකළ නිසා
නපුන්සකයො ඔවුනද වෙයි ඒ හින්දා

දිනෙන් දිනම හිස් කබලත් ලොකු වෙන්නේ
පශ්චාත් භාගෙද එලෙසින් පිම්බෙන්නේ
වෙසඹු වෙසෙන් අපට ඔවුන් දිස්වෙන්නේ
නම දොරටුම පිරිමි ගඳින් නැහැවෙන්නේ

පුද කරලා පසු පස මුළු ලෝකෙටම
එනවා තව උදව් පදව් ඉල්ලගෙන
බැරි වෙන කළ කාගෙන් හෝ සැප ගන්න
අධෝ මුකෙන් පැහැරෙන තුරු විඳවන්න

නිසරු ලියන් හා මොවුනගෙ ඇති වෙනස
පාරෙ නොයා වැදගත් ලෙස ඉන්න එක
පායුව දී යටත් වෙලා ඉන්න සැම
වල කපනා බැව් අදවත් දැන ගන්න


අලුත් නවාතැනේ පිපි මල්

නව දිනයක හිරු පායා ආවේය
එදිනය ඔබටත් විශේෂ වූයේය
තිස් වන දින මැදින් මසේ කෙළවරය
පිය තැබුවේ නැවාතැනට හවසදිය

අලුත් තැනකි එය දැකුමට කැමැත්තෙමි
එය ඇති තැන මා සටහන් කරන්නෙමි
හමු වන හැමදාමත් ඇරලන්න එහි
බොහෝ දුරක් නොවන නිසා පැමිණේමී

නුඹයි යෙහෙළියයි අද දින කරපු වැඩ
වෙහෙස වෙලා සැන්දෑ යම ගෙවපු ලෙස
නවාතැනේ සුර පුරයක් තනන්නට
දෙන්නා සැරසි හැටි සිහිවෙනවා මෙමට

බඩු මුට්ටුත් අස් පස් කර ගෙනියන්න
එන්නට අවසර ගැනුමට නොහැක මට
හවස් යමේ හැම සැකසුම් අවසනම
අලුත් තැනේ සුව නින්දක් දමන් නුඹ

March 29, 2010

වේදනා කඳුලක්ද මා ඔබේ

ඔබේ දිවියේ සතුටු කාලෙ මා නැති කර දැමුවාදෝ
දුකින් ඉන්න ඔබ දුටු විට එයට හේතු මම වේදෝ
හැඟී යාවි හැම මොහොතෙම ඔබෙ හිත රිදවූ හේතු
කතා නොකර හිඳිමින් ඔබ මා හට දඬුවම් දේදෝ

කියනා හැම වචනෙම මා ඔබ හට වදයක් වේදෝ
අසනා හැම පැණයම ඔබ හට කෙතරම් වද දේදෝ
පිළිතුරු දෙන්නට අකමැති පැණයක් මම ඇසුවේදෝ
පුංචි දෙයක්වත් ඇසුමට මා හට අවසර නැතිදෝ

ආදරෙ වෙනුවෙන් පොඩ්ඩක් වෙනස් වෙන්න බැරි වේදෝ
එසේ වුවත් ඔබෙ නිදහස කෙලෙසක නම් නැති වේදෝ
ඉවසිය හැක නුඹ වෙනුවෙන් නුඹෙ ඔය තරහා දුක් සෝ
නපුරු වෙලා මා නොරිදා ඉන්න බැරිද මගේ සුදෝ


යලි පියමනිම් ආ මං පෙතේ

හදවත දනී යා යුතු මග කිමැයි කියා
ගැස්ම හදේ යොමයි එමග දෙසට මෙමා
නුරා දෙනෙත් පියා මදෙස බලනු කියා
එවිට පෙනේ ඔබෙ දිවි හිමි මමය කියා

මතකද නුඹට අත් අල්ලන් මැවූ මැවුම්
මහ පාරේ එහෙ මෙහෙ අත ගැසූ රවුම්
මතක සුවඳ වැඩි කරවන සිහින ඉසව්
පසු වන හැම විට සිහිවෙයි නුඹෙ සිතුවම්

මා පැලඳවු රිදී මුදුව අතැඟිලි මැද දිදුලන්නේ
එය දකිනා හැම මොහොතෙම හද ආදරෙ මෝරන්නේ
සඳළුතලෙන් බසිනා කුමරියකගෙ හැඩ දැක ලොබිනේ
ඇවිත් මවෙත ආලිංගන පා නලලත සිප ගන්නේ

ලියූ කවිය මතකද මා අරන් දුන්න මුල්ම පොතේ
වත්සල දිගැසිය නම් ඔබ පෙම් කළ ඒ ප්‍රේම පොතේ
ලියුවෙමි අවසන් පිටුවේ මා දිවි මුල් කවිය එසේ
නුරා කඳුලු සුසුම් හසිරු නම් විය ඒ කවි ගොමුවේ




March 28, 2010

මුකුලිත සුපිරි තාරුකා මල්

තරු හිනැහෙයි ආකාසේ දිදුලන්නට වෙර දරමින්
දිදුලන තරු ආකාසෙන් බිමට වැටෙයි හරි හයියෙන්
සඳ වට කර තරු රෑනක් හිනැහේවී සන්තෝසෙන්
දිදුලන්නට පෙර අහසින් සමහර තරු බිමට වැටේ

විස්කම් පා දස්කම් ඇති මැණික් පැරදි තරු කැටයම්
මකාලන්න ග්‍රාහක රැසකට ඇයි මේ ඉඩ දෙන්නේ
අඳුරු තරුත් දිදුලන ලෙස ලොකු තරු වල රැස් ගන්නේ
දස්කම් ඇති උගත් සුපිරි තරුද නිවා දුර යන්නේ

අසාධාරනේ රජ කරමින් මේ සැම සිදු වන්නේ
තරු නිවෙනා හැටි බලමින් බොහෝ දෙනා දුක් වන්නේ
දක්ෂයාට පෙරට එන්න ඉඩක් නොමැති මේ ලෝකේ
කෙටි පණිවුඩ කෙලෙසක නම් ප්‍රතිභාවක් අඳුරන්නේ

දහස් ගණන් තරු අතරින් අතලොස්සක් දිදුලන්නේ
එයිනුත් එක් තරුවක් මන්දාකිණියෙම බබලන්නේ
පසු බසිනා තරු හැකි අයුරින් රැස් නිසි විහිදන්නේ
සුපිරි තරු සියල්ලන්ගෙම අනාගතෙට සුභ පතනේ

March 27, 2010

දුරලන්න මතකෙන් මා උදව්

ඔබේ දිවියේ පැතුම් මල් පල දෙවන්නට මා දිවි හෙලන්නම්
ඔබේ හසරැල් නිති රඳන්නට මගේ හසරැල් සඟව ගන්නම්
ඔබේ ජීවය දිගු කරන්නට මගේ ආයුෂ පුද කරන්නම්
ඔබේ නිවහල් බව රකින්නට මගේ ආදරෙ කැප කරන්නම්

මිල මුදල් සත්කාර හැකි ලෙස එදා අද නිති පිදුවෙ මම්
බලාපොරොත්තුවකුත් නොවේ මට ඔබෙන් කිසිවක් ලබනු නම්
දෙන දෙයක් මා ඔබට පිදුවේ ආදරේ පුද දෙන්න මම්
කළ උදව් මතකෙන් ඉවත ලා සිටිනු මැන මා ලඟින් දැන්


දිගුම නීරස හෝරාවෝ

දිනය උදා විය ඇගයුම පවතින්නා
අළුයම එකේ කණිසමටත් ලං වෙන්නා
කිසිදු බයක් නැති බව මට වැටහෙන්නා
එනමුදු අකමැතිය එළි වෙන්නට දෙන්ටා

හිතේ පුන්චි දුකකුත් නැතුවාම නොවේ
ඇයත් සමග නින්දට පෙර නොදෙඩු නිසා
වෙනදට වඩා අද ඇගෙ බස් ඕනෙ වගේ
දැනුනා නිදන්නට පෙර මේ සිසිල් රැයේ

ඇයගේ උවමනාවයි මට රුකුල් වුනේ
උනන්දුවත් වැඩි කෙරුමට උදව් වුනේ
නොදනිම් කුමක් වේදෝ එම පැය ටිකෙදී
සාර්ථකව පිළිතුරු දෙන්නෙමි නොසැලී

ඉවසිය නොහැක මෙය අවසන් වන තුරුම
සුපුරුදු සුවෙන් සැහැල්ලුවෙන් ඉන්න මට
මාගේ පෙම්බරියගේ මුව දැකපු විට
නිසැකව දිව්‍ය සුව නම් මට ලැබෙනු ඇත 


March 25, 2010

නොහඬන් කුමරිය මා වෙනුවෙන්

හැරදා ගියත් ඔබ මා අත - නැත මා යන්නේ හැරදා
දාල යන්න බෑ මා හට
- ඔබෙ ආදරෙ අත හැරලා
කාසි පනම් වලට වඩා
- ඔබෙ ආදරෙ මගේ වුනා
ඒ ආදරෙ මගෙ දිවියට
- අලුත් ඉරක රැස් දුන්නා

වන්නෙමි මම ණයගැතියෙක්
- සදා ඔබට මගෙ සොඳුරේ
යන්න එපා මා හැරදා
- තනි වෙයි මම නැවත ප්‍රියේ
මා වියකුල් උමතු ප්‍රශ්න
- ඔබ හට නිති වද දුන්නා
හිතේ රැඳී ඇති හින්දයි
- ලඟින් උන්නෙ ඔබෙ සැමදා

එපා සොඳුර මා වෙනුවෙන්
- ඔබ දුක් වන්නට කිසිදා
දෙන්න ඉඩක් මා වෙනුවෙන්
- ආදරෙ පුද දෙන්න සදා
වරදක් සිදු වූවා නම්
- සමාව නොම දෙන් කිසිදා
දුරස් නොවන් කිසිදාකත්
- තනි වෙයි මම මෙන් පෙරදා

කඳුළු බින්දු ඔබෙ නෙතගින්
- ගිලිහුණු බව මට දැනුනා
පිසින්න මට ඒ කඳුලැල්
- මා දැන් ඔබ ලඟ නැතුවා
මා දෙනෙතින් වැටෙන කඳුළු
- සිටිනෙමි ඔබගෙන් සඟවා
හඬන්නෙපා මා කුමරියෙ
- තුරුල් වෙන්න මා සමගා

සයුරු මුතු වැල්

දුහුල් සළු පට නීල හැඩ මොන
සයුරු මස්තක සීත වා රළ
හැඟුම් කලතයි මතක සුවඳැල්
දැවටෙමින් මා චිත්ත ලෝ තුල

වැටුනු මුතු කැට ඔබේ සළුවෙන්
මා අසල ඇත පා යුවල ලඟ
සිඹින්නට තැත් කරන අටියෙන්
මා තබන තුරු පිය පෙරටුවට

මතක සුවඳැල් බමයි මා වට
සිසිල විඳිමිණ ඔබේ මුතු කැට
වාලුකා තල තුලින් සැඟවෙන
දෑත ඔබහට දෙන්න ආස
යි

සයුරු යෙහෙලිය මා සමීපෙදි
දෙඩුවෙ රහසින් ඔබේ නමමයි
ලඟයි කාලය නැවත යන්නට
ඈ සමීපෙට ඇගේ පැතුමයි

දෙහෝරාවක් දින දෙකක් විය
නොදැනීම සති අන්තෙ ලං විය
ලංව නොමසිටි කාලෙ දුරු වී
එකතු වන දින නුදුරේම විය 


March 22, 2010

උපාධි පස්වර ඇගයුම ළඟයි

ඇගයුම එතේ ලඟදිම පස් වන වාරේ
සතියක් තිබෙයි කරනට පාඩම් සාරේ
විශයන් සතරකිය දැඩි අපහසු වාගේ
පාඩම් කරන්නට රුචියක් නැතේ සිතේ

ඇය අණ කරා පාඩම් කරනට මහට
අකමැති වීය මා එහි අසමත් වීම
මගේ ජය ඇගෙද සතුටක් විය එලෙස
සැබැවින් මම කරනෙමි පාඩම් මෙවර

කුඩා කලක් තිබුනද සිහියට ගන්න
පාඩම් සියල්ලම මතකේ තබන්නට
කාලය නිසි පරිදි එකිනෙක බෙදා ගෙන
සියලු විශයවල් කියවමි අද සිටම


දුනිය බලාපොරොත්තුවක් මා සිතට
ලැබෙනා බව ඇගෙ ආදරෙ මා වෙතට
පෙරටත් වඩා සමත් වුවොත් මාද මෙය
මගේ ආදරේ මට ලැබුණා වේය ප්‍රිය

March 21, 2010

බොඳ වූ හමුව

කැකෑරෙන සොවක් ඉපදින හද පතුලේ
නොලද විටදි එන්නට ඔබ ළඟට සඳේ
ඇයිද වැළැක්වුවෙ එක් වෙන මොහොත ප්‍රියේ
වීය වදන් මා හද දා ගිය ප්‍රේමේ

ඉන්ට හිත නොදේ මා හට මෙහි නිතොර
එන්ට සිතේ ඔබ දැකුමට මා සොඳුර
පිළිගත් නිසයි මා කළ ඉල්ලීම ඔබ
එන්නට සැරසුනේ සොම්නස් සිත් ඇතිව

මිතුරිය එතැයි සිතලා නැවතත් නිවස
අදහස වෙනස් කෙරුවේ නොපැමිණෙන ලෙස
යන්නට කියා ඔබ ඇය හා සවස් ඉම
අලුත සෙවු ලැගුම් හල බලනට යන්න

දුකක් නෑ ප්‍රියාවියෙ ඔබ කුම කීවත්
දොසක් නෑ මගෙන් ඔබ නිති කුමක් කළත්
බසක් දොඩන්නට ආයෙත් ඉඩක් කඩක්
කවද ලැබෙයි දෝ නොදනිමි වෙන්න තුරුල්




කිරි මව් දන් සිරි

නෑදෑ හිත මිතුරු පවුලේ දන් සිරිය
විඳින්න ඇරයුම් ලැබුවේ මා සොඳුර
සොයුරු බැතින් ඔබ පුදදිනි හද පිරුණ
තුති මල් මිටක් ඔවුනට ඇරයුම ගෙනින

දිනක් පුරා ඔබ වෙහෙසිනි උදව් කර
දිව යන මුවැත්තිය මෙන් දස අත එදින
සැරසිලි මල් වැලින් වට වුණු මන්දිරය
ඔබේ අතින් සැරසුණු වග මා දැනිය

එළඹි මොහොත වඩින කළට කිරි අම්මා
පිරිස තුටින් පිළි ගන්නට ඔබ සැවොමා
පෙරමං ගමන් ගොස් නැමදිය ඔබද එදා
වැදිනි කණිසමත් එහි අළුයම දෙකටා

මාද සිටිමි අළුයම හැකි උපරිමම
සැතපෙන්නට ඔබ හා එක මොහොතේම
කිරි මව් දන දෙවා ඔබ ලද පින් කෙතම
ආසිරි දෙවනු අප ආදර සනාතන


කළු ගඟ අද නිසලයි

අම්මේ බඩගිනියි මා නලවන්න අනේ
ආසයි සිටින්නට ඔබෙ තුරුලේ පෙරසේ
දැනෙයි මහට පෙර නැති සිසිලසක් ගතේ
උණුසුම් කරනු මැන ආයෙත් ඔබෙ තුරුලේ


පාවෙන සෙයක් හැඟුනිය මට පෙර සේද
සිටිනා කල්හි ඔබෙ කුස තුල මෙන්ම අද
නොදනිමි කිනම් හැඟුමක්දෝ කියා මෙය
නෑසේ කිසි කෙනෙක්ගේ කට හඩ මෙමට


තාත්තා නැතිද අදවත් පැමිණෙන්නේ
අයියා කෙලෙස මා නැතිකල සැනසෙන්නේ
අම්මා කිමද අද මා ළඟ නැත්තේ
තරහා වෙලා කිමදෝ හැම මා සමගේ


සෙල්ලම් කරපු කාලය මට සිහිවෙනවා
හුරතල් වෙන්න ආසාවක් ඇතිවෙනවා
කාලය හරස් වී ඇති බව වැටහෙනවා
දුප්පත් වෙලා ඉපදුනෙ අප ඇයි අම්මා?


නිදා ගන්ට යන්නෙමි අම්මේ සැමදා
දක්නට ලැබෙයිදෝ පවුලේ අය කිසිදා
පාකර හැරියවුද කළු ගං තීරේ සදා
මා කල පෙම නොවිය දියවී ගියෙ නිබඳා

March 19, 2010

කුණු කූඩෙට යන මිතුරෙක්



සිටියා මහට පාසල් යන කළ සිටම
හොදම මිතුරෙකුන් ඔහු නම කිව නොහැක
කැම්පස් යන තුරුම අඹ යහලුවෝ ලෙස
සිතුවේ නොමැත සිදුවෙයි කියලා මෙලෙස

පවුල් ප්‍රශ්න සිත් ගැටලුත් කීවෙ මට
හැකි විය වෙන්න මා හට හොද මිතුරාද
තිබුනිය අනුන් පැරදීම
ඔහුගෙ සිත
නොහැකි වීය පැරදීමට මා එලෙස

මහත පොරකි පිටි මුට්ටය වගේ ඇඟ
අපි නම් කිවෙ වගා ලිඳ කියා ඔහුට
කියන්නට නොහැක යෙදුවේ අයිද එය
ප්‍රසිද්ධියේ කිව නොමනා දෙයකි එය

කැම්පස් ගිය පසුව සිදුවූ මහ වෙනස
අදහා ගත නොහැක මා හට තවමත්ම
එකට සිටි මිතුරො අමතක කරමින්ම
අලුත් මිතුරො සමගින් ගියෙ නොබලාම

ආවද නැවත වරින් වරේ මා වෙතට
උදව් බලාපොරොත්තුව ලැජ්ජා නැතිව
නොකලෙමි උදව් මාද ඔහුට එහිදීම
ආවේ කියා දොස් මා හට ඒ සැනම

ලොකු විය ඔහුට ඔහුගේ මහ ලොකු යුනිය
එහිද තියෙන බාහිර ක්ලබ් සියලු වැඩ
අඩු වෙන කල්හි ජී.පී.යූ ලකුණු ටික
මතක් වුනේ නැතිදෝ අපි කිව්ව ටික

රුවැති සිතුවම් කින්නරාවී

බලා සිටිය හැක භව සිය ගණනක්ම
ඔබේ රුවේ සිතුවම් දකිමින් නිතොර
පාලුව කාන්සිය දුරු කෙරුමට නිබඳ
සැඟවුනු ශක්තියක් ඇත ඔබෙ කට හඩට

බලා සිටිමි නිරතුරු හඩ අසන්නට
ඔබේ මුවින් තෙපලන අමයුරු වදන
දිනෙන් දිනම ගලනා ආදර සයුර
ආසයි බලන්නට ඔබ හා මා කිමිද

කතා කළද මා ඔබ හට නිරතුරුව
නොසිතමි ඔබේ නිදහස උදුරාලන්ට
තිබුනේ එකම හැඟුමකි මට පෙර සිටම
ආදරෙ ලබන්නයි ගතවෙන සැම මොහොත

මතකද දිනක් ඇසුවා මම ඔබගෙන්ම
තබන්නට කටක් බත් කන සැම විටම
ආදරෙ සනිටුහන් කෙරුමට නිරතුරුව
නොසිතන් කිසි විටෙක බොලඳයි කියා එය

පැමිණෙන විටදි ඔබගෙන් හැම ඇමතුමම
සිපමි දුරකතනෙ ඔබ ළග යැයි සිතින
ඔබටත් දැනෙයි දෝ ඔබ සතු ආදරය
එලෙසින් පුදලන්න මා කෙරෙහිත් සොඳුර

හමුවූ දා පටන් මේ වන තුරු ඔබව
නිති රැක ගතිමි මිණි සඟලක් මෙන් තුටුව
හදවත කැකෑරෙන පෙම් සිත්තම්ද ගෙන
පෙනී සිටිනු මැන මා කින්නරාවිය


March 18, 2010

රෝස කටු මිතු පෙම

ප්‍රේමය නිමල රෝස කුසුම් පෙති වැනිය
නටුවෙහි මුල සිටම අග තෙක් විෂ කටුය
පිවිතුරු සුන්දරත්වයෙ මග දුෂ්කරය
කුසුම සිඹි මමද දනිමිය කටුවෙ රඟ

සිටිනට නොහැක තද කරගෙන හිතේ පෙම
මිතුරන් ලෙසින් ඔබ හා මා අතර තුර
ගොඩනැගු ආලෙ කෙලෙසේ සඟවම්ද සඳ
නොහැකිය ප්‍රියේ එය කරනට එසේ මට

මා නිති දනිමි ඔබෙ ආදර අතීතය
හැකිවෙද ඔබට පෙම් කෙරුමට එලෙස මට
ආසයි දකින්නට ඔබෙ නෙතු මිණි සඟල
ම-නමින් වැටෙන ආදර කඳුළැල් වරක


උපන් දින මිණි තිළිණය

එකුන් විසි පැයේ අපි හමු වුනෙමු යලි
උපන් දිනෙන් පසු දින මා නගරයෙදි
ආවේ මගෙ සොඳුර අතැතිව යමක් එහි
ඇගෙන් මා ලැබූ වටිනම තිළිණයකි

රැකියාවට ගොස් වැඩි දොහකුත් නොමැතී
එනමුදු ඇය සතුවු මුදලින් ගෙන තිබුණී
පුන්චි කියා ඇය සිතුවද එය එහිදී
වටිනා තිළිණයක් එදවස මා ලදිමී

දැනුනා විසල් ආදරයක් ඔබේ ලඟින්
ලැබුණා මතක සටහනකුත් ඔබේ නමින්
වැටුණා සතුටු කඳුලැල් මා දෙනෙත් අගින්
වටිනා මිණි තිළිණයකි ඔබ මට සඳේ නිතින්




March 17, 2010

තත් සුන් ප්‍රවීණාව

තත් නැති වීණාව කුමටද වයන්නේ
හිස් මොළ නැති අයයි ඒවා වයන්නේ
ගෙයින් ගෙය ලඳුන් දත් මිටි විකන්නේ
ප්‍රවීණා ගැනයි මම දැන් කියන්නේ

වසර කීපයක් පෙම් කෙලියේ ඉන්නේ
අවසන අහිමි වෙයි ඒ පෙම දුකකින්නේ
වයසක ඉලන්දාරියෙකුන් බැඳගන්නේ
එදා ඉදන් දුක් සයුරේ කිමිදෙන්නේ

බොසා නොහොත් වයසක තෙම සමගින්නේ
නිතර නිතර අඩ දබරින් වෙසෙමින්නේ
නාකි විසේ ඉස් මුදුනින් බේරෙන්නේ
තරුණ ළඳක් දුකසේ ජීවත් වෙන්නේ

සීයාගේ දරුවන්ගේ මව වෙන්නේ
පළමු පෙම්වතා නිරතුරු හමුවන්නේ
ඔහුගෙ සිකුර හතෙන් හතට පැන යන්නේ
විවාහ වෙයි ඉසකේ ගණනටම අනේ

සියාගේ පළමු බිරිය පැමිණෙන්නේ
කාල ගෝට්ටිත් නිරතුරු ඇතිවන්නේ
පෙම්වතාද ගෑණුන්ගෙන් රැවටෙන්නේ
අනේ අපොයි කාට මේව කියන්නේ

දරු මුණුපුරො සුපුරුදු ලෙස වැඩෙන්නේ
පරම්පරා දුසිම් ගණන් ගෙවෙන්නේ
උන්ද සමහරෙක් නරකට වැටෙන්නේ
මේවද අපි දරුවන් හට කියන්නේ?


March 16, 2010

තෙවිසි වියට ඇරයුම් ලදිමි

වසර විසි දෙකක් සතුටින් ගත කළෙමි
බාධක කම් කටොළු නිහඩව ජය ගතිමි
මැදින් මසේ සොළොස් වන දිනත් පැමිණී
දිවියෙ තවත් පියවරකුත් මම තැබිමී

තෙවිසි වසක් ගත වුනිදෝ මම සිතමි
හොදින් ඉගෙන බොහෝ දුරත් ගොස් ඇතිමි
ආදරයත් මිතු සොයුරන් බෝ ලදිමි
පසුගිය වසර දෙක තුන තුල මා සොඳිනී

හිරු නැග පැමිණ අළුයම දුරු වී යන්නේ
මිතුරු සැමා පැතුම් මලින් පුද දෙන්නේ
හද පිරි සොම්නසින් සිත ඉපිලී යන්නේ
සුභ පැතු සියල්ලන්ටම තුති පුද දෙන්නේ



March 15, 2010

කුකුළු ළඳක් වට කිකිළි රැලක්

ගෑණු සිටියි පිරිමින්ගේ බල ඇත්තා
එපිරිමි නැති කලට සළු පිලි ගිලිහෙන්නා
ගෑණු මෙහෙයවන පිරිමිද බොහෝ ඇතා
කිකිළියො මැද සිටින කුකුළන් වේය සදා

ප්‍රශ්න ඇති විටදි පෙරමුණ අර ගන්නා
කිකි
ළියො සැම දෙනා නිති උසි ගන්වන්නා
කුකුළෙකු මොටද තම කුකු
න් අත හරිනා
එවන් කුකුළො ලගදිම යයි එලොව සදා

කිකි
ළියො සිටිති උස් අඩිලා පියඹන්නා
අත දුන් සැවොම අත් හැර කොක් හඩ ලන්නා
ලැබුන විටදි පත්තරයක් උඩ ඉන්ටා
හිටපු පිදුරු ගොඩ අමතක වී යන්නා

සැඟවී කරන පෙම් තෙපලුම් ගැන සොඳිනා
රැහේ ඉන්න සැම දෙන නිරතුරු දන්නා
හැන්ගි හොරා බැන්දත් වෙස් කෙළි නිබඳා
නටන කොට නටන්නේ හෙළු වැලි පෙන්නා

හඳුනා ගත යුතුය මිනිසුන් මුල සිටම
කපන තුරු නොදනි කෙදිනක අපට වල
සහෝදර පෙමින් සිටියොත් සැම විටම
ජය ගත හැකිය සැම දුක් ගැටලුත් එවිට




මන්ද ගෙදර වික්‍රම

අත්තිවාරමකි කිසි දින නොබිදෙන්නා
කවුරුත් කියනුයේ මහගෙදරය කියලා
ඉන්නේ එහි සැවොම සුරූපි ලෙස සොඳිනා
බුරුත ගනන් කොටස් තිබෙයි නොබලන්නා

අවුරුදු දෙසීයක්වත් ඇත එහි සිටිනා
වයසක ආච්චී හට මේ වන විටද
නොමැරී ඉන්න රහසක් ගැන දැන ගන්න
කෝල් කරමු සිරසට අපි අද හෙටම

කොටසක් සිටියි අවනඩු හිස උඩින් තියන්
උසාවියෙම නිදියන ගොන් හරක් රැළක්
මගුල් සාරි ඇදගෙන නිදියන පිරිසක්
දැකලා තියෙද මෙය කියවන කිසිම කෙනෙක්

පරම්පරා සියයක් ඇත එක නිවසේ
දන්සල් දෙනු ඇතේ කන්නට මුන්ට අනේ
හලන කිඹුල් කඳුලැලි පිසදන්න අපේ
ගෙවල් වල ගෑනු සැරසී සිටියි මෙහේ

මැරෙන මැරෙන අය යලි යලි නැගිටින්නේ
මූණු වෙනස් කර ගෙන යලි පැමිනෙන්නේ
ලව් කරනා සැම හට බාධක එන්නේ
දෙබස් වලින් ඔබ අප සැම රැවටෙන්නේ

උදේ හවා ගසක් වටේ කැරකෙන්නේ
ලේලිවරුන් ගස නිරතුරු නහවන්නේ
මන්ද ගෙදර ප්‍රෂ්ණ කියා අඩන්නේ
ගහේ දෙවියො සළුව කඩන් දුවන්නේ




March 14, 2010

අන්තර්ජාලයේ නැති ඉන්ද්‍රජාලය

(මාගේ හොදම පාසල් මිතුරෙකු මා හට දුරකථන ඇමතුමක් දී පැවසූ අඳෝනාව ඔහු විසින්ම මා හට කවියට නැන්වීමට දුන් අදහස මම එලෙසින්ම මේ ආකාරයට කවියට නැන්වීමි. ඔහුගේ දුක් ගැනවිල්ල මෙසේ විය...)

මොඩමක් තිබේ වැසි එන විට දිව යන්නා
එස්.එල්.ටි. යේ හැම එම විට සිහි වෙන්නා
අන්තර්ජාලයේ සැරිසැරුමට සොඳිනා
ඩයලොග් මොඩම් ගැනුමට මුදලුත් නැතුවා

ඇත්තෙය කිලෝ මීටර හතරක්ම දුර
මෙහි සිට ලගම එස්.එල්.ටී පෙට්ටියට
නෙට් යන දෙතුන් දෙනෙකුන් හට ටෙලිකොමිය
දේවිද ලගින් සවි කර ඒ පෙට්ටියම

අහෝ දෙවියනේ මට වුනු වියෝයා
චැට් දෙක තුනම මට නැති වී ගියෝයා
අම්මප මුන්ගේ සේවාවට හෙනහූරා
පාත් නොවී රැක දෙනු මගෙ නෙට් මිතුරා

සීත මෝසම් වරුසාවේ

දිනකර වැසී ගිය සැඳෑ සීතල යමේ
වැසි පොදද බිඳු බිඳුව ඇත බරවි වටෙන්නට
යන්නෙ ඔබ කොයි බටද නික්ම හැන්දෑ යමේ
පැමිණෙන්න විගසින්ම වැසි සේල සිප නොගෙන

අඳුරු වූ මේඝයන්ගෙන් පිරී ඇත අහස
ඇග වැදේ මද පවන් සියොලගම සිහිලමින්
ආසයි සිටින්නට ඔබෙ ලගින් නිරතුරුව
නොතෙමෙන්ට මුතු කුඩය අල්ලන්න නිබදින්ම

පැමිණෙන්න මා ප්‍රියේ විගසින්ම ගොස් ගමන
සිටින්නම් බලා ගෙන එන තුරා ඔබ නැවත
පිලිගනිමි මා හදින් නිරන්තර උනුසුමෙන්
බැඳ ගනිමි මා දෑත ඔබ වටා නිතැකින්ම


March 9, 2010

සිනා මල් රොද

පැමිනෙන විටදි ඔබ රැකියා පියස තුලින්
දුටුවා ඔබේ රුව හැන්දෑ යාමෙ නෙතින්
සිටියෙමි වෙලා බස් නැවතුමෙ ඔබ එනකන්
ආවෙය ඔබත් එතැනට මිතුරෙකු සමගින්

රැගුවෙමි මමද නන්නාදුනනාම ලෙසින්
ඇගවීමට මිතුරට පිට එකෙකු ලෙසින්
සිටිනට නොහැක වදනක්වත් නොපවසමින්
රැදුනෙමි සියලු ආෂාවන් සගවලමින්

ගොඩ විය ඔබද එතැනින් ගිය බසයකට
මාද ගොඩ වුනෙමි පසු ආ බසයටම
හමුවූයෙමු අපි සුපුරුදු විලසටම
කලෙමු දෙදෙන සුපුරුදු ආදර ගමන

දින දෙක තුනයි ඔබ ගිය පසු සේවයට
දුටුවේ එදයි එහිදී ඔබ පලමුවම

සිටියේ ඔබද ඉපිලෙන සතුටෙන් යුතුව
සිනහ මලින් පිරුනේ වෙයි අපෙ දිවිය

March 6, 2010

නෙත් මිණි රුවන්

අරමුණක් නැති ජීවිතේ – ඔබයි මා නෙත් පෑදුවේ
වියකිලා ගිය ආදරේ – ඔබය නැවතත් පිබිදුවේ

යොමා දිදුලන නෙත් රුවන් – සලා ඇසි පිය නිති සොදින්
එදා හෙලු ආදර බැලුම් – ඇතේ සෙල් මත ඉරක් මෙන්

නොමැති මුත් ඔබ සමීපෙ – සිහි නැගේ නිරතුරු හදේ
එනු සදේ නැවතත් මගේ – ලමැද සැතපෙන්නට ප්රියේ

March 4, 2010

ආදරයේ දෑ මස


ගතවුනි දෑ මසක් නොදැනිම ඔබ තුරුලේ
සිටිනට කැමැත්තෙමි එලෙසම භව සයුරේ
ආසයි දකින්නට ඔබෙ ඔය දිලෙන නුවන්
ගෙවෙන හැම විටම ලබනෙමි ඔබෙ උණුහුම්

මතකයි එදා මෙන් අදටත් ඔබේ වදන්
සමරමි ඒ වදන් මවමින් සිහින ලොවක්
දිනෙන් දින වැඩෙයි අපෙ හද ආදරයත්
සිටිනෙමි තුටින් එය නිතරම සිහි කරමින්

යන දා ඔබද පළමුව ඔබෙ වැටුප සොයන්
සමරමි පළමු හමුවිමද සමග එයත්
දුටු විට ඔබේ රැකියා ස්ථානයද නිතින්
මැවේ සිනා මා වත ඔබෙ ජය දැකුමෙන්

සැමදා සිටිමි ඔබ ලග සෙවනැල්ල මෙනි
නොදෙනෙමි දුකක් සෝ තැවුලක් කිසි විටෙකත්
පතනෙමි හුදෙක් ඔබෙ ජය මා හැම විටෙකත්
යමු අපි ඉදිරියට අත් වැල් නිතින් බැදන්

March 1, 2010

ප්රේමාන්ජන

නැතිමුත් ඔබ මා ලග නිතිනේ – සිහිවෙයි ඔබ නෙතු යුග මෙලෙසේ
සිහිනෙන් මා වෙත එන ඔබගේ – රුව මා සියොලග දැවටෙන්නේ
බැබලෙන ඔබෙ නෙත් වැසෙමින්නේ – සිබින්න මා දෙකොපුල් තුටිනේ
වෑහෙන ප්රේ මය ඔබ නෙතිනේ – විදිනෙමි සිහිනෙන් ඔබෙ තුරුලේ

දහසක් බාදක බිදිමින්නේ – ලන් වෙමි ඔබ හට දිවි හිමියෙන්
කරනට ආලය පෙරමෙන් නේ – හැකි වෙද අප හට මගෙ සොදුරේ
සිතුවම් කළ පෙම ඔබෙ හර්දේ – මැකී නොයන්නට නොදෙනු මැනේ
දිලිහෙන ඔබ නෙතු වල සෙනෙහේ – පුදන්න හැමදා මවෙත ප්රියේ

නිශාන්තයේ හසරැල්ල

මේ සොදුරු නිශාන්තයේ - ඔබයි සිසිල පෑදුවේ
මගේ සද ඔබයි ප්රියේ – එනු මැනව මා කෙරේ

සුදු සේල මෙන් දිලේ – ඔබෙ රූපෙ මා සිතේ
දැනෙන විට සිසිලසේ - ඉපිලේවි හර්ෂයෙන්

තබනු හෙමිහින් නුබේ – රත් දෙතොල් යුග මගේ
නෙතු පියන් මා ඔබේ – සිපමි උතුරන පෙමින්

උදා විය වසන්තය

වසන්තය උදා විය මෙ සීත මෝසමේ
ඇරුමයකි එය සදේ ඔබයි එලෙසින් කලේ
දැනේ මෙ වසන්තයෙ උණුසුමද ඔබ කෙරෙන්
සදාදර ඔබේ නම වේය අම පැන් පොදක්

මා සද මඩල ඔබමය

මා සද මඩල ඔබයි මා සිත් ගත් යුවතියේ
ඔබ නෙතු කෙලෙස අමතක කරම්දෝ මගෙ සදේ
ගතවූ මොහොත කල්පයක් මෙන් දැනුනි සොදුරේ
එනමුදු දැනේ ඔබෙ උණුහුම තවමත් එලෙසේ

නැතිමුත් ලගින් පෙරදා ඔබ මා තුරුලේ
මතකයි නුබේ සුවදැල් පෙර මෙන් නිබදේ
ආවද බිදක් කදුලැල් දෙනෙතගට මගේ
නැත වෙන අයෙකු සැනසීමට මා පෙරසේ

සිත් රුව ඔබයි මාගෙ දිවියම සැරසූ
මිණි කැට පැරදු ඒ දිලිසෙන ඔබේ නෙතූ
පවසයි සියල් ඔබ සිත් රැදි හැගුම් තතූ
තබා රත් ලවන් මා නලලත නිබදූ


"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.