ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

March 15, 2010

මන්ද ගෙදර වික්‍රම

අත්තිවාරමකි කිසි දින නොබිදෙන්නා
කවුරුත් කියනුයේ මහගෙදරය කියලා
ඉන්නේ එහි සැවොම සුරූපි ලෙස සොඳිනා
බුරුත ගනන් කොටස් තිබෙයි නොබලන්නා

අවුරුදු දෙසීයක්වත් ඇත එහි සිටිනා
වයසක ආච්චී හට මේ වන විටද
නොමැරී ඉන්න රහසක් ගැන දැන ගන්න
කෝල් කරමු සිරසට අපි අද හෙටම

කොටසක් සිටියි අවනඩු හිස උඩින් තියන්
උසාවියෙම නිදියන ගොන් හරක් රැළක්
මගුල් සාරි ඇදගෙන නිදියන පිරිසක්
දැකලා තියෙද මෙය කියවන කිසිම කෙනෙක්

පරම්පරා සියයක් ඇත එක නිවසේ
දන්සල් දෙනු ඇතේ කන්නට මුන්ට අනේ
හලන කිඹුල් කඳුලැලි පිසදන්න අපේ
ගෙවල් වල ගෑනු සැරසී සිටියි මෙහේ

මැරෙන මැරෙන අය යලි යලි නැගිටින්නේ
මූණු වෙනස් කර ගෙන යලි පැමිනෙන්නේ
ලව් කරනා සැම හට බාධක එන්නේ
දෙබස් වලින් ඔබ අප සැම රැවටෙන්නේ

උදේ හවා ගසක් වටේ කැරකෙන්නේ
ලේලිවරුන් ගස නිරතුරු නහවන්නේ
මන්ද ගෙදර ප්‍රෂ්ණ කියා අඩන්නේ
ගහේ දෙවියො සළුව කඩන් දුවන්නේ




11 comments:

Anonymous said...

සහතික ඇත්ත............................
..............කැන්ඩි...........................

Anonymous said...

maxa macha
- charith

Teshan Nanayakkara said...

Ela ela. thank you wewaa!!!

Anonymous said...

ela elaaaaaaaaa
-rasika

දිල් said...

ඕවා ගෙන්නනෙත් පෙන්නන්නෙත් අපේ අය කටවල් ඇරන් බලන හින්දනෙ....
මම හිතන්නේ ඉන්දියාවෙනුත් එපාවෙලා කුණුකූඩයේ දාපුවද කොහෙද

Teshan Nanayakkara said...

දිල් කිව්ව දේ වැර්දිත් නෑ.මොනා නමුත් මාත් ඉස්සර ඕක බැලුවා බෙල්ල කඩාගෙන. ඒත් දැන් නම් නෑ. ඊට වඩා සින්හල මෙගා සීරීස් නම් ගොඩක් හිතට අල්ලනව. "මුතු කිරිල්ලී" වගේ ඒව එහෙම.

Raven said...

මමනම් මේක බලල නැහැ. ඒත් තරම හිතාගතහැකි කවිය කියවුවහම. එලස්.

Thanuja said...

දන්නා දනෝ දනිතියි එහි නියම රග
කුමකට බලන්දෝ පලනැති මුසා දග
තේරැමි ගන්න මොළයක් ඇති කලට මග
තුති දිය යුතුය පෙන්වන ඔබ තුමට මග

තනුජ කේ. ජයසුන්දර

කැන්ඩි...... said...

මම නම් ඉන්නේ දැන් නම් මේක වදයක් කියන මතයේ විතරයි.............................................
ලස්සන කවි පෙළ .............
හැබයි මේකත් මගෙ අදහසක් ටෙෂාන් හොදේ..........................

Teshan Nanayakkara said...

අදහස ඔබේ මුත් - කවි පෙළ මගේ නොවෑ

Teshan Nanayakkara said...

තනූජ අයියාට

දන්නා දනෝ නොබලති කිසිදාක මෙය
තේරුම් නොගත් මෝඩ දනා බලති එය
මෝහෙන් මුලා වූ කළ නොපෙනේය මුල
තුති පුද කරමි ඔබ හට මෙය ඇගයුවට

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.