ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

March 14, 2010

අන්තර්ජාලයේ නැති ඉන්ද්‍රජාලය

(මාගේ හොදම පාසල් මිතුරෙකු මා හට දුරකථන ඇමතුමක් දී පැවසූ අඳෝනාව ඔහු විසින්ම මා හට කවියට නැන්වීමට දුන් අදහස මම එලෙසින්ම මේ ආකාරයට කවියට නැන්වීමි. ඔහුගේ දුක් ගැනවිල්ල මෙසේ විය...)

මොඩමක් තිබේ වැසි එන විට දිව යන්නා
එස්.එල්.ටි. යේ හැම එම විට සිහි වෙන්නා
අන්තර්ජාලයේ සැරිසැරුමට සොඳිනා
ඩයලොග් මොඩම් ගැනුමට මුදලුත් නැතුවා

ඇත්තෙය කිලෝ මීටර හතරක්ම දුර
මෙහි සිට ලගම එස්.එල්.ටී පෙට්ටියට
නෙට් යන දෙතුන් දෙනෙකුන් හට ටෙලිකොමිය
දේවිද ලගින් සවි කර ඒ පෙට්ටියම

අහෝ දෙවියනේ මට වුනු වියෝයා
චැට් දෙක තුනම මට නැති වී ගියෝයා
අම්මප මුන්ගේ සේවාවට හෙනහූරා
පාත් නොවී රැක දෙනු මගෙ නෙට් මිතුරා

5 comments:

ති​​ලා​න් said...

නියමයි !!!!!!!!!!!!!!!!

මිස්සක said...

අහෝ...පව් වැඩේ...:D

Teshan Nanayakkara said...

Thank u very much for your comments buddies. why dont you follow my blog haa?
Anyways, keep commenting.. so that i would feel like writing more and more.

:D

Anonymous said...

තොප හට මා ඇමතුවෙ නැත ........................මා හට අමතුවේ තොපය..........................................මෙතරම් අපහාසයක්..............................................
........................චතුර....................

thiraya said...

එළ ඉ-වස්-කවිය :-)

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.