අන්තර්ජාලයේ නැති ඉන්ද්‍රජාලය

(මාගේ හොදම පාසල් මිතුරෙකු මා හට දුරකථන ඇමතුමක් දී පැවසූ අඳෝනාව ඔහු විසින්ම මා හට කවියට නැන්වීමට දුන් අදහස මම එලෙසින්ම මේ ආකාරයට කවියට නැන්වීමි. ඔහුගේ දුක් ගැනවිල්ල මෙසේ විය...)

මොඩමක් තිබේ වැසි එන විට දිව යන්නා
එස්.එල්.ටි. යේ හැම එම විට සිහි වෙන්නා
අන්තර්ජාලයේ සැරිසැරුමට සොඳිනා
ඩයලොග් මොඩම් ගැනුමට මුදලුත් නැතුවා

ඇත්තෙය කිලෝ මීටර හතරක්ම දුර
මෙහි සිට ලගම එස්.එල්.ටී පෙට්ටියට
නෙට් යන දෙතුන් දෙනෙකුන් හට ටෙලිකොමිය
දේවිද ලගින් සවි කර ඒ පෙට්ටියම

අහෝ දෙවියනේ මට වුනු වියෝයා
චැට් දෙක තුනම මට නැති වී ගියෝයා
අම්මප මුන්ගේ සේවාවට හෙනහූරා
පාත් නොවී රැක දෙනු මගෙ නෙට් මිතුරා

Comments

  1. අහෝ...පව් වැඩේ...:D

    ReplyDelete
  2. Thank u very much for your comments buddies. why dont you follow my blog haa?
    Anyways, keep commenting.. so that i would feel like writing more and more.

    :D

    ReplyDelete
  3. තොප හට මා ඇමතුවෙ නැත ........................මා හට අමතුවේ තොපය..........................................මෙතරම් අපහාසයක්..............................................
    ........................චතුර....................

    ReplyDelete
  4. එළ ඉ-වස්-කවිය :-)

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.