තෙවිසි වියට ඇරයුම් ලදිමි

වසර විසි දෙකක් සතුටින් ගත කළෙමි
බාධක කම් කටොළු නිහඩව ජය ගතිමි
මැදින් මසේ සොළොස් වන දිනත් පැමිණී
දිවියෙ තවත් පියවරකුත් මම තැබිමී

තෙවිසි වසක් ගත වුනිදෝ මම සිතමි
හොදින් ඉගෙන බොහෝ දුරත් ගොස් ඇතිමි
ආදරයත් මිතු සොයුරන් බෝ ලදිමි
පසුගිය වසර දෙක තුන තුල මා සොඳිනී

හිරු නැග පැමිණ අළුයම දුරු වී යන්නේ
මිතුරු සැමා පැතුම් මලින් පුද දෙන්නේ
හද පිරි සොම්නසින් සිත ඉපිලී යන්නේ
සුභ පැතු සියල්ලන්ටම තුති පුද දෙන්නේ



Comments

  1. ඔහ්

    කට්ටියම එන්න සුබ පතන්න...මම හිතන්නෙ උපන්දිනේ වගෙ

    ඔන්න මගෙන් ඉස්සරවෙලාම හදපිරි සුබ පැතුම්.....ජීවිතයෙ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !:)

    ReplyDelete
  2. බ්ලොග් එකෙන් සුභ පතපු මුල්ම කෙනාට මගේ ස්තූතිය

    ReplyDelete
  3. තෙවිසි කියන්නේ 23නේ.
    අපෙනුත් සුභ පැතුම් පාටියක් දෙන්නෙ නැද්ද?

    ReplyDelete
  4. අම්මෝ!!! සින්ඩියේ හැමෝටම පාටි දෙන්න මන් ගාව කාසි පනම් නෑ නෙ. අනික කරන රස්සාවෙන් ලැබෙන්නේ සොච්චමයි නොවෑ. මේ කවි ලියල තමයි ඔයාලට මම පාටි දෙන්නේ ඇති තරම් රස ව්දින්න.

    ReplyDelete
  5. සුබපැතුම් මචන්. සියලු පැතුම් ඉටුවේවා.

    ReplyDelete
  6. සමනලීගෙනුත් උපන් දින සුභ පැතුම්....!!
    ජීවිතේ තව බොහෝ දුරක් පරිස්සමින් කල්පනාවෙන් යන්න තියෙනවානේ.... ඒ ගමන හැම අතින්ම සාර්ථක වෙන්න කියලා සුභ පතන්නම්.....

    ReplyDelete
  7. සුභ උපන්දිනක් වේවා.........

    ReplyDelete
  8. තුන් විසි වියක් දුටුවා ඔබ ජිවිතය..
    තුන්කල්හිම නොවන් ඔබ හට භාධකය..
    තුන්දොස් දුරැව සැමකල් සැප සන්තොසය..
    නිරතුරැ රැදේවා ඔබ අත ජය දදය..

    උපන්දිනයට සුභාසිරි..

    ReplyDelete
  9. තිස් දින දොලොස් මස් තුන් විසි රැයක් පුරා මා වැඩුනා
    හැම මොහොතම ටිකෙන් ටිකේ අතීතයට ගොඩ ගැහුනා
    අපට ඔබට සැම දෙන හට නිති සොම්නස් සුව දේවා
    තිස් තුන් කෝටියක් දෙවියෝ රැක දෙනු මැන ඔබ සැවොමා

    ReplyDelete
  10. කැන්ඩි..........Thursday, March 18, 2010 10:18:00 AM

    ඔන්න මටත් මේ සෙනසුරාදා පාටියක් ඕනේ..................................
    එක්කො මම තොප හට පාටියක් දෙන්නම්.......................................
    නැත්තම් තො කියයි මම කනට පිනව පමණයි කියල...........................
    නේද............????????????????????

    ReplyDelete
  11. සුභ උපන්දිනයක් වේවා යාලුවේ.......

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.