ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

March 17, 2010

තත් සුන් ප්‍රවීණාව

තත් නැති වීණාව කුමටද වයන්නේ
හිස් මොළ නැති අයයි ඒවා වයන්නේ
ගෙයින් ගෙය ලඳුන් දත් මිටි විකන්නේ
ප්‍රවීණා ගැනයි මම දැන් කියන්නේ

වසර කීපයක් පෙම් කෙලියේ ඉන්නේ
අවසන අහිමි වෙයි ඒ පෙම දුකකින්නේ
වයසක ඉලන්දාරියෙකුන් බැඳගන්නේ
එදා ඉදන් දුක් සයුරේ කිමිදෙන්නේ

බොසා නොහොත් වයසක තෙම සමගින්නේ
නිතර නිතර අඩ දබරින් වෙසෙමින්නේ
නාකි විසේ ඉස් මුදුනින් බේරෙන්නේ
තරුණ ළඳක් දුකසේ ජීවත් වෙන්නේ

සීයාගේ දරුවන්ගේ මව වෙන්නේ
පළමු පෙම්වතා නිරතුරු හමුවන්නේ
ඔහුගෙ සිකුර හතෙන් හතට පැන යන්නේ
විවාහ වෙයි ඉසකේ ගණනටම අනේ

සියාගේ පළමු බිරිය පැමිණෙන්නේ
කාල ගෝට්ටිත් නිරතුරු ඇතිවන්නේ
පෙම්වතාද ගෑණුන්ගෙන් රැවටෙන්නේ
අනේ අපොයි කාට මේව කියන්නේ

දරු මුණුපුරො සුපුරුදු ලෙස වැඩෙන්නේ
පරම්පරා දුසිම් ගණන් ගෙවෙන්නේ
උන්ද සමහරෙක් නරකට වැටෙන්නේ
මේවද අපි දරුවන් හට කියන්නේ?


8 comments:

බිඟුවා...! said...

පට්ටම බන්.
අද ගෑනු මේකි වගේ වෙන්න හදනවනේ.
චික් විතරක්...

/බිඟුවා...!

Teshan Nanayakkara said...

මට පේන්නේ වැඩි දෙනෙක් කවි කියවන්න කැමැත්තක් නෑ වගෙයි. කොහොමත් මේ දවස් වල ගොඩක් දෙනා කියවන්නේ අලුතෙන්ම ලියවෙන අසම්මත ප්‍රේමයක් ගැන ලියවුණු එක බ්ලොග් එකක් නිසා, මේ වගේ බ්ලොග් වලට වැඩි සැලකිල්ලක් නැති හැඩයි. හ්ම්..... මොනා කරන්නද ඉතින්.

``` Outsider``` said...

පිස්සු නැතිව ලියපං බං කමන්ට් නොදැම්මට කියවන අය කියවනව.

Teshan Nanayakkara said...

ඒ වුනාට මචන් කමෙන්ට් වැටෙන තරමට පොඩි කික් එකකුත් එනවා. අඩු ගානේ බ්ලොග ෆොලෝ කරනව නම් හරි හැපි මට.

ගීතික said...

අපි නම් කියවන්නෙත් නෑ කමෙන්ට් කරන්නෙත් නැ ඔන්න.

Teshan Nanayakkara said...

අනේ හපොයි!!! හා හා කැමැත්තක්

kkrox said...

ප්‍රවීනාගේ තන් සුන් නෑ බන් හොදට තියනවා...බොරුවට දාපුවද දන් නෑ ඇත්ත්ට දැකලා නෑනේ ඉතින්

kumaraya said...

මාත් කල්පනා කළේ... මේ ගෑණි නාකි වෙන්නෙ නැද්ද කියලයි.. මිනිබිරීටත් දරුවො ඉන්නව .. මේකි තාම තරුණයි.. ඕව හොඳයි ඉන්දියාවෙ ඉන්න මෝඩයන්ට...

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.