තත් සුන් ප්‍රවීණාව

තත් නැති වීණාව කුමටද වයන්නේ
හිස් මොළ නැති අයයි ඒවා වයන්නේ
ගෙයින් ගෙය ලඳුන් දත් මිටි විකන්නේ
ප්‍රවීණා ගැනයි මම දැන් කියන්නේ

වසර කීපයක් පෙම් කෙලියේ ඉන්නේ
අවසන අහිමි වෙයි ඒ පෙම දුකකින්නේ
වයසක ඉලන්දාරියෙකුන් බැඳගන්නේ
එදා ඉදන් දුක් සයුරේ කිමිදෙන්නේ

බොසා නොහොත් වයසක තෙම සමගින්නේ
නිතර නිතර අඩ දබරින් වෙසෙමින්නේ
නාකි විසේ ඉස් මුදුනින් බේරෙන්නේ
තරුණ ළඳක් දුකසේ ජීවත් වෙන්නේ

සීයාගේ දරුවන්ගේ මව වෙන්නේ
පළමු පෙම්වතා නිරතුරු හමුවන්නේ
ඔහුගෙ සිකුර හතෙන් හතට පැන යන්නේ
විවාහ වෙයි ඉසකේ ගණනටම අනේ

සියාගේ පළමු බිරිය පැමිණෙන්නේ
කාල ගෝට්ටිත් නිරතුරු ඇතිවන්නේ
පෙම්වතාද ගෑණුන්ගෙන් රැවටෙන්නේ
අනේ අපොයි කාට මේව කියන්නේ

දරු මුණුපුරො සුපුරුදු ලෙස වැඩෙන්නේ
පරම්පරා දුසිම් ගණන් ගෙවෙන්නේ
උන්ද සමහරෙක් නරකට වැටෙන්නේ
මේවද අපි දරුවන් හට කියන්නේ?


Comments

  1. පට්ටම බන්.
    අද ගෑනු මේකි වගේ වෙන්න හදනවනේ.
    චික් විතරක්...

    /බිඟුවා...!

    ReplyDelete
  2. මට පේන්නේ වැඩි දෙනෙක් කවි කියවන්න කැමැත්තක් නෑ වගෙයි. කොහොමත් මේ දවස් වල ගොඩක් දෙනා කියවන්නේ අලුතෙන්ම ලියවෙන අසම්මත ප්‍රේමයක් ගැන ලියවුණු එක බ්ලොග් එකක් නිසා, මේ වගේ බ්ලොග් වලට වැඩි සැලකිල්ලක් නැති හැඩයි. හ්ම්..... මොනා කරන්නද ඉතින්.

    ReplyDelete
  3. පිස්සු නැතිව ලියපං බං කමන්ට් නොදැම්මට කියවන අය කියවනව.

    ReplyDelete
  4. ඒ වුනාට මචන් කමෙන්ට් වැටෙන තරමට පොඩි කික් එකකුත් එනවා. අඩු ගානේ බ්ලොග ෆොලෝ කරනව නම් හරි හැපි මට.

    ReplyDelete
  5. අපි නම් කියවන්නෙත් නෑ කමෙන්ට් කරන්නෙත් නැ ඔන්න.

    ReplyDelete
  6. අනේ හපොයි!!! හා හා කැමැත්තක්

    ReplyDelete
  7. ප්‍රවීනාගේ තන් සුන් නෑ බන් හොදට තියනවා...බොරුවට දාපුවද දන් නෑ ඇත්ත්ට දැකලා නෑනේ ඉතින්

    ReplyDelete
  8. මාත් කල්පනා කළේ... මේ ගෑණි නාකි වෙන්නෙ නැද්ද කියලයි.. මිනිබිරීටත් දරුවො ඉන්නව .. මේකි තාම තරුණයි.. ඕව හොඳයි ඉන්දියාවෙ ඉන්න මෝඩයන්ට...

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.