ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

March 21, 2010

කිරි මව් දන් සිරි

නෑදෑ හිත මිතුරු පවුලේ දන් සිරිය
විඳින්න ඇරයුම් ලැබුවේ මා සොඳුර
සොයුරු බැතින් ඔබ පුදදිනි හද පිරුණ
තුති මල් මිටක් ඔවුනට ඇරයුම ගෙනින

දිනක් පුරා ඔබ වෙහෙසිනි උදව් කර
දිව යන මුවැත්තිය මෙන් දස අත එදින
සැරසිලි මල් වැලින් වට වුණු මන්දිරය
ඔබේ අතින් සැරසුණු වග මා දැනිය

එළඹි මොහොත වඩින කළට කිරි අම්මා
පිරිස තුටින් පිළි ගන්නට ඔබ සැවොමා
පෙරමං ගමන් ගොස් නැමදිය ඔබද එදා
වැදිනි කණිසමත් එහි අළුයම දෙකටා

මාද සිටිමි අළුයම හැකි උපරිමම
සැතපෙන්නට ඔබ හා එක මොහොතේම
කිරි මව් දන දෙවා ඔබ ලද පින් කෙතම
ආසිරි දෙවනු අප ආදර සනාතන


4 comments:

Anonymous said...

me mokakda me?

mahesharandara said...

ඔබේ ආදරය මනඃකල්පිත යැයි පාඨකයන් මුලා කිරීම දැඩිසේ හෙලා දකිමි. :D

Teshan Nanayakkara said...

මගේ ආදරය මෙසේ වූවා නම් මම කොහෙත්ම එය ලෝකෙට හඬ ගා නොකියමි මිතුර අරන්දර :D

Teshan Nanayakkara said...

අඩෝ අන්දරේ, නරකද සත්‍ය අසත්‍ය හොය හොය ඉන්නේ නැතුව මේක follow කරොත්? අනික් කවිත් කියවපන්... Ela Ela !!!

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.