කිරි මව් දන් සිරි

නෑදෑ හිත මිතුරු පවුලේ දන් සිරිය
විඳින්න ඇරයුම් ලැබුවේ මා සොඳුර
සොයුරු බැතින් ඔබ පුදදිනි හද පිරුණ
තුති මල් මිටක් ඔවුනට ඇරයුම ගෙනින

දිනක් පුරා ඔබ වෙහෙසිනි උදව් කර
දිව යන මුවැත්තිය මෙන් දස අත එදින
සැරසිලි මල් වැලින් වට වුණු මන්දිරය
ඔබේ අතින් සැරසුණු වග මා දැනිය

එළඹි මොහොත වඩින කළට කිරි අම්මා
පිරිස තුටින් පිළි ගන්නට ඔබ සැවොමා
පෙරමං ගමන් ගොස් නැමදිය ඔබද එදා
වැදිනි කණිසමත් එහි අළුයම දෙකටා

මාද සිටිමි අළුයම හැකි උපරිමම
සැතපෙන්නට ඔබ හා එක මොහොතේම
කිරි මව් දන දෙවා ඔබ ලද පින් කෙතම
ආසිරි දෙවනු අප ආදර සනාතන


Comments

  1. ඔබේ ආදරය මනඃකල්පිත යැයි පාඨකයන් මුලා කිරීම දැඩිසේ හෙලා දකිමි. :D

    ReplyDelete
  2. මගේ ආදරය මෙසේ වූවා නම් මම කොහෙත්ම එය ලෝකෙට හඬ ගා නොකියමි මිතුර අරන්දර :D

    ReplyDelete
  3. අඩෝ අන්දරේ, නරකද සත්‍ය අසත්‍ය හොය හොය ඉන්නේ නැතුව මේක follow කරොත්? අනික් කවිත් කියවපන්... Ela Ela !!!

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.