වේදනා කඳුලක්ද මා ඔබේ

ඔබේ දිවියේ සතුටු කාලෙ මා නැති කර දැමුවාදෝ
දුකින් ඉන්න ඔබ දුටු විට එයට හේතු මම වේදෝ
හැඟී යාවි හැම මොහොතෙම ඔබෙ හිත රිදවූ හේතු
කතා නොකර හිඳිමින් ඔබ මා හට දඬුවම් දේදෝ

කියනා හැම වචනෙම මා ඔබ හට වදයක් වේදෝ
අසනා හැම පැණයම ඔබ හට කෙතරම් වද දේදෝ
පිළිතුරු දෙන්නට අකමැති පැණයක් මම ඇසුවේදෝ
පුංචි දෙයක්වත් ඇසුමට මා හට අවසර නැතිදෝ

ආදරෙ වෙනුවෙන් පොඩ්ඩක් වෙනස් වෙන්න බැරි වේදෝ
එසේ වුවත් ඔබෙ නිදහස කෙලෙසක නම් නැති වේදෝ
ඉවසිය හැක නුඹ වෙනුවෙන් නුඹෙ ඔය තරහා දුක් සෝ
නපුරු වෙලා මා නොරිදා ඉන්න බැරිද මගේ සුදෝ


Comments

  1. Really nice one.
    I like this very much...

    ReplyDelete
  2. Thank you very much. eth kawuda oya? dana ganna kamatiy.

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.