නේත්‍රප්‍රාසාධිකා

ඔබ වෙනුවෙන් හෙළු කඳුළු සයුර සමානයි
නොදැක සිටිය මොහොත කල්ප සියක් සමානයි
නොදොඩා සිටි වදන් ගණන වාලුකා සමයි
ඔබේ පුංචි ආදරෙ මට විශ්වෙටත් ලොකුයි

ඔබෙ නෙතු අග කඳුළු බිංදු පබළු සමානයි
නෙත් වැසි කළ ඇසි පිය යුග මොණර පිල් සමයි
නෙත් දුටුවන් සිත් සනසන රුවිත මෙන් දිලෙයි
දිගුවන් වූ නීල වරල දුහුල් සළු බඳුයි

ඔබෙ බඳ වට යැවූ දෑත ගන්න මට ලොබයි
ඔබ ලඟදී ගත්තු හුස්ම හෙලනු මට ලොබයි
ඔබෙ උණුහුම අතැර යන්න සිතට මගෙ දුකයි
ඔබෙ උකුලේ හිස තබලා නිදනු මනාපයි

Comments

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.