වසත් සම කොවුලියේ

මේ මාගේ පලමු ගීතමය නිර්මාණය ලෙසින් පබැඳෙන පැදි පෙළයි.

මින්දද බැලුම් වැටුනා මේ වසත් කාලයේ
සත්සර නදින් වැයුනා පෙම් කවක් අම්බරේ
මෝසම සිහිල් වැසි පොද බිම්තලේ තෙත් කළේ
අවුරුදු සිරින් අපෙ පෙම් කව ලියැවුනා මෙසේ

මා ආදරෙයි මගේ කොවුලියේ සඳේ
මේ ජීවිතේ ඔබයි මා ප්‍රියේ ලඳේ //

ඔබ හඬ මා සවන් පුරා රැව් දුනි ආලෙන්
ගත වූ අවුරුදු සමයේ ඉතිරෙන ප්‍රේමෙන්
දසතේ පැතිරුණු කෝකිළ කූජන නාදෙන්
මට සිහිවෙයි ඔබෙ ආදර කිංකිණි නාදේ

මා ආදරෙයි මගේ කොවුලියේ සඳේ
මේ ජීවිතේ ඔබයි මා ප්‍රියේ ලඳේ //

දෙතැනක මුත් අප දෙදෙනා එක් විමු සැමදා
දුරස් වුනත් අපෙ හඬ අප එක් කලෙ සොඳිනා
හිරු රැස් නව අවුරුද්දක උදාව ගෙනිනා
අප දෙහදත් එක් වුනි මින්දද හී තුඩිනා

මා ආදරෙයි මගේ කොවුලියේ සඳේ
මේ ජීවිතේ ඔබයි මා ප්‍රියේ ලඳේ //

Comments