වැසි දිය උණුසුම

මෝසම සලයි වැසි දිය බිම් තලය පුරා
දෝරෙ ගලයි ඒ දිය මහ පාර පුරා
පා යුග දෙපළගෙම කිමිදින යනෙන තුරා
මෝසම් සමේ එක් විනි දෙදෙනම තුටිනා

මා පිය මැන්නෙ පොත් මැදුරට ඔබට පෙර
ඔබ සෙව් පොතක් ගෙන ඔබ හට පුද දෙන්න
වැස්සට පෙරාතුව ඔබ හමුවට එන්න
ඇමතිමි ඔබට ඒ පොත ගැන දැන ගන්න

මා අතැතිව තිබූ මුදල මදිවු නිසා
ඔබ පැමිණියෙ පොත් මැදුරට මාව සොයා
මහ වැසි මැද කුඩේ යටින් ආව නිසා
ඔබේ ඇඳුම් එහෙයින් නොතෙමී තිබුණා

පොතත් රැගෙන මහ වැස්සේ ආවෙ අපි
කුඩේ යටින් තුරුල් වෙලා උන්නෙ අපි
එකම බසේ නිවෙස් බලා ආවෙ අපි
නැවතත් හමුවී උණුසුම ලබමු අපි

Comments