ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

May 29, 2010

නුඹ තනි වී නෑ

එන්නට හැකි නම් පැන ගෙදරින් මේ රෑම
පවන් සලන්නම් ඔබ හට මා ලඟින් හිඳ
තනි වී නෑ මගෙ කුමරියෙ ඔබ කිසි දාක
මා ඉන්නා තුරු දෙන්නේ නෑ තනි වෙන්න

රූපවාහිනියෙ සද්ධය අඩු නොම කෙරුවේ
හිසරදයත් තව තව දිගටම වැඩි වූයේ
පාඩම නවතාලා නිදියන්නට හිතුවේ
නිදන්න නොම දී නුඹ හට පීඩා කෙරුවේ

එක කාමරෙ එකට හිටිය එකිය නිසාම
මගෙ කෙල්ලේ නුඹ අසරණ වී ඇත අදම
හිසරදේට සැනසිල්ලේ නිදන්න නැතිව
නුඹ අඬන්නෙ ඒ තිරිසන් ගෑනි නිසාම

යාළු කමක් දැන් නම් නැතිදෝ ඇය දන්නේ
සුළං පොදක්වත් වදින්ට ඇය ඉඩ නොදෙනේ
ඒ නිසාද දෙනෙත් අගින් කඳුළු වැගිරුණේ
හිස අත ගා සනසවන්න මා ලඟ නැහැනේ

කන්න දුන්නෙ නුඹ බව අමතක විය ඇයට
හිතක් පපුව ඇතුලේ ඇගෙ නැත සන්තකව
ගලක් තියා තිරිසනුන්ට හපන්ය ඇයව
නාඬ ඉඳින් තිරිසන්ගෙන් වෙන් වී නිතොර

මගෙ පැංචිය සුව වේවා!

අදත් ඇයව හමු වූයෙමි වෙනදා මෙන් නොවේ
ඇගේ මිතුරියකට ගත්තු පොතක් රැගෙන අතේ
ගියා ඇයව හමු වන්නට නවාතැනට ඇගේ
සිටියා හිනැහෙමින් රඳා පිරුණු සිනා මුවේ

ගිය විට මා එහි දුටුවා පාඩම් කල හැටි
පොත් පත් දිග හැර කෙටි සටහන්ද තිබූ හැටි
සතුටක් දැනුනා දැක ඇය පාඩම් කල හැටි
සමත් වෙනව සහතිකෙන්ම ඉහලින් මගෙ පැටි

දැක්කා ඇගෙ මුවේ රැඳුණු මැලවුණු ගතියක්
හිතට දුකක් දැනුනි මෙමට දැක්මෙන් ඇගෙ නෙත්
කියුවා අද එන විට මට අමාරු ගතියක්
ලෙඩක් නොසෑදී ඉක්මන් සුව වෙනු නිතැතින්

ඇසුවා මා ඇගෙන් යමුද ගන්නට බෙහෙතක්
ඇය බෑ කීවේ ගත් බව පැනඩොල් පෙත්තක්
ඇඟටත් පණ නැති බව මට පැවසිය නැවතත්
ඇයට දුකයි පාඩම් කෙරුමට බැරිවේ යත්

විභාගෙ ලඟ වේ එනමුත් අසනීප නොවෙන්
මා සිටිනෙමි නිති ඔබ හා අත්වැල් අල්ලන්
ඇඟට සුවක් ඉක්මණින්ම ලැබිලා නැවතත්
ආසාවෙන් නැවතත් ඔබ රුචි පාඩම කරගන්

May 26, 2010

මියෙන්න නොදෙන් මා හද

කිණිසි තුඩින් කැපී ගියත් හදවත නම් නෑ රිදුනේ
ලෝ දිය තුල ගිල්වූවත් හදවත නම් නෑ දැවුනේ
ලේ කුණු වී ගලා ගියත් හදවත නම් නෑ මැරුණේ
නුඹෙ ආදරෙ නැතිව ගියොත් හද මියැදී සුන් වන්නේ

මා සවිමත් විය යුත්තේ ඒ සෝකය දරන්නටයි
වේදනාව සිතේ තියන් සිනහව මුව රඳවන්නයි
ආවට මුවගින් දේවල් නාහා කර බා ගන්නයි
ශක්තිය දෙනු බුදු රදුනේ මා සිත සවිමත් වන්නයි

ඉන්නට බෑ ඔබ නොමැතිව සතුටු සිතින් මේ ලෝකේ
යන්නට බෑ මරණය වෙත නුඹ තනිවේ කියා සිතේ
මා ලඟ සිටියොත් නුඹ නිති දුක් විඳමින් ගත වෙන්නේ
කුමක් කරම්දෝ කියලා නැත මා හට වැටහෙන්නේ

නුඹේ සතුට රැක ගන්නට දහසක් වර මියැදෙන්නම්
නුඹේ සිනා රැල් රැකුමට කිණිසි තුඩින් ඇණ ගන්නම්
නුඹෙ සෝ ගිනි නිවා ලන්න මගෙ හද ගිනි දල්වන්නම්
මගෙ හද නුඹ ලඟින් තබා මා සදහට මියැදෙන්නම්

May 25, 2010

එදා මම මයි අදත්

තාමත් මං බත් පිඬුවක් වෙන් කරනව ඔබේ නමින්
සිටියා නම් මගේ ලඟින් කවනව එය මගේ අතින්
ගත වූවත් කාලය බෝ වෙනස් නොවෙමි කිසි ලෙසකින්
එදා මම ම තමයි අදත් පෙම් බැන්දේ ඔබ වෙනුවෙන්

බුදුන්ට පසු මව් පියනුයි මාගෙන් නැමදුම් ලැබුවේ
ඉන් පස්සට ඔබේ නමයි මගේ සිතේ රජ කෙරුවේ
කරනට හැකි වේ නම් ආදර බැතියෙන් ඔබ අසලේ
දිව්‍ය සිරින් වැජඹෙන මාලිග තැනුවත් නොම සැහේ

සිහි මඳ ගතියක් මෙන් ඔබ දකිනු ඇතේ මගෙ ආලේ
එනමුත් මා ඔබට ප්‍රියේ පෙම් කෙරුවේ හදින් සඳේ
උමතු ලෙසින් පෙම් බඳිනට ඔබයි මහට අත දුන්නේ
ඒ හින්දයි ඔබ දැකුමට නිරතුරු අසලට එන්නේ

අත හැරුමට සිත් නොමදේ බැඳගත් අතිනත සොඳුරේ
දෑඟිලි එක් කර බැඳුමට කිසි දින හැකි වේද සඳේ
දිවි ඇති තෙක් ඔබ වෙනුවෙන් එදා ඉඳන් කල ආලේ
නුඹ ලඟ සිටියත්, නොවෙතත් කරනෙමි මම දිවි කාලේ

May 24, 2010

හමුවූවා මේ දිනේ

හමුවූවා මේ දිනේදිත්
බෝ කලකට පසුව සිත් සේ
මා ආවේ නුඹ දැකුමට
ඒ දිනයේ...

ඔබ එන්නට මත්තෙන්
පා නැගුවෙමි පොත් හලටත්
ගත්තේ නුඹ සෙව් පොතක්
ඒ දිනයේ...

නුඹ ආවේ ඒ සීතේ
මා හමුවට සුපුරුදු සේ
හද ආදර වැඩි වූවා
ඒ දිනයේ...

හද තුටින් මා දුන්
පොතත් රැගෙන දෙදෙනා
ගියේ සිනමා හලට
ඒ දිනයේ...

ලංවී දෙදෙනා අඳුරේ
දෑත් පටලා නැරඹූයේ
මිහිරි චිත්තර පටයක්
ඒ දිනයේ...

බෝ කලකින් පස්සේ
රැඳුනේ බෝ වෙලා
එකිනෙකට ලංවෙලා
ඒ දිනයේ...

May 19, 2010

කෙලෙස සිටිම්දෝ ඔබ නැතුවා

වෙනකෙකු අත ගනු බව දනිමින්
අයි අප එක් වූයේ සොදුරේ
දිනකදි වෙන් වෙන බව දනිමින්
ඇයි අප පෙම් බැන්දේ හර්දේ

නැති නොවුනද ඔබගේ ප්‍රේමේ
ඉවසිය හැකි වේදෝ සොඳුරේ
වෙනකෙකු හා බෙදනා ආලේ
මා කෙලෙසින් බෙදමිද එලෙසේ

ඔබ බෙදලා මට දෙන ආලේ
මා කෙලෙසින් විඳිමිද ආයේ
සතුටක් නම් වේවිද මනසේ
ඔබ ලඟ නැති දිනයක දිවියේ

එදිනය අද නොව අනාගතේ
බැව් වටහා ගෙන ඉඳිමි සඳේ
එතකන් අපි දෙදෙනා පෙරසේ
හිඳිනෙමු අත් වැල් බැඳ ආලේ

මතකයේ රැඳි තවත් මොහොතක්

වැටුණා අන්ධකාරේ හා වැහි පොද
කෙරුවා ආදරේ මගදී එන විට
බැලුවා යන්තමින් දෙනෙතින් ඔබ දෙස
රැඳුනා මතකයේ ගැඹුරින් ඒ ටික

May 17, 2010

පාළුව මකන්න මාගේ

මගෙ රත්තරනේ මගෙ රත්තරනේ
කතා කරන් මට එක පාරක් හරි
අහන්න නුඹෙ හඬ උදේ ඉඳන් මම
බලා ඉන්නවා ඉවසුම් නැතිවම

වැඩ වැඩි දෝ ඔබ හට රත්තරනේ
කතා කරන්නට බැරි තරමටනේ
බැරිද අමතන්න අද ඉරු දිනයේ
පාළු මකන්නට ගත වෙන වරුවේ

May 14, 2010

කවි මඩුවේ මගේ කවි - 3

හිරු උදාව දැකුමට නැත අපට වරම්
ගලනා දිය දෝතට ගන්නට හැකි නම්
වේද යන්ට ගම් පියසට හිතෙන් පැයක්
නගරය අත හැර යන්නට ලොල් වෙම්

ආඩම්බර කුහක කමින් තොර වේ නම්
නාගරිකයනුත් ගැමි වේ හිත් පතුලින්
තරහා ද්වේශ කම් අතහැර මිනිස් සිතින්
ගමත් නගරයත් එක ලෙස වේ නිබඳින්

නගරේ ඇති පහසුකම්
ගම්බද වල බෝ ඇත්නම්
බොහෝ දෙනා යන්නේ නම්
නෑමයි ගම අතහැර දැන්

මා ඉන්නා ගම් පියසට
නගරය නම් දුර නැතුවා
එනමුත් එහි සිසිල් බවේ
නගෙරෙදි අමතක නැතුවා

May 13, 2010

කවි මඩුවේ මගේ කවි - 2

සක්වල සිසාරා හමනා සුළං රොද
පාවි අවුත් නැවතිනි මේ පහන ලඟ
දැල්වූවෙමි පහන් සිලක් මමද අද
කව් සරණිය අරඹමු අපි සැම මෙලෙස

කවි පද එක දෙක ගෙතුනා
කවි මඩුවත් එලිය වුණා
අපි සැම අත් වැල් බැඳලා
කවි ලියමුද මගෙ මිතුරා

සොඳුරු කතක් පැමිණී ඇත අදත් මෙහි
කව් සර ඔප් නංවන්නට හද තුටිනි
ඔබ දැල්වූ පහන් සිලත් නිති දැල්වී
තිබේ කියා දවස පුරා මා සිතමි

සත්සර නදින් වැයුනොත් මේ කවි නිතොර
මින්දද පවා මෙහි පැමිණෙයි නිසැකවම
අත්තටු සලා හැර නොම යන් ඉවතකට
කරට කර තියා ලියමුකො කවි මිතුර

පන්සිළු වෙණ නාද අප හට ඇසුනෝතින්
කන්කළු නදින් සිත් පිරෙනුය අපේ නිතින්
නන්දෙස විසිර පැතිරී ඇති සග මෙලෙසින්
පන්සිළු වෙණ නදට කවි ලියනුව මැනවින්

තිස් තුන් පැයේ වෙහෙසීල මෙහි ආවේ
සිත් සන්තොසින් කවි ලියුමට නුඹ සමගේ
කවි මඩුවද එළි වී ඇත පහන් සිලේ
දිදුලන ආලෝකෙන් දැන ගන් සබඳේ

දෑත අපේ නැත වාරුව අද ගිලිහී
ඇත්තෙය වදන් පේළි සැදී මග දිගෙහි
ගත්තේ යතුරු පුවරුව අමුණන සිතිනි
මල් වැල් දෙවෙනි වේ පද වැල් සතුව කවි

අදවත් බැරිද රණ්ඩු නොවී ඉන්න මෙහි
විහිළුව හෝ රසවත් ලෙස ගන්න හැකි
තරහ නොවි ඉමු අපි යාලුවෝ වැනි
මඩ නොගසා ගහමුද කවි පේලි සැදී

කවි ලීවට කමක් නැතේ මා මිතුරේ
වැඩ කරනා තැනට අසු නොවන් මිතුරේ
වැඩ පොළෙ වැඩත් හරියට කරගන් මිතුරේ
වෙලා තිබුණොතින් කවියක් කියනු මැනේ

සෝරෝ නුඹ මා මිතුරා
ආවෙද අද මෙහි ඉඳුරා
අත්වැල් ගෙන අපි තුටිනා
ලියමුද අපි කඩුව වනා

බුදු පහනේ සිළුව නැමැද
කවි මඩුවට ආවෙ මෙවර
ජය පැරදුම කුමක් වුවද
මිතුදම අපෙ වටී නොවෙද?

වැඩ අතපසු නොකර ගෙන
එනු මැන ආපසු මෙහින
දේව කාරියට වැඩියෙන්
රාජකාරි වටින්නෙය

May 11, 2010

කවි මඩුවේ මගේ කවි - 1

http://kavimaduwa.lankeeya.lk/index.php



චතුරංගද මෙහි සිටිනා කුකුළ් රජා
නැතහොත් ඔබදෝ කිව මැන යාළු හොඳා
කපු කම් කෙරුමට නුසුදුසු තැනක රඳා
ඔබදෝ කවි මඩුවට බට පිස්සු ගොනා

කතා කරන හැටියෙන් මට තේරෙනවා
නුඹ බෑ නොකියමින් කවි මඩුවට එනවා
එනමුදු හරක් ගති නම් නුඹ හඳුනනවා
නාඹර හරකෙකු බව ඉන් සැලවෙනවා

මෙය කවි මඩුවකි හොඳහැටි දැන ගන්න
පෙම් කෙලිනා මුහුදු වෙරල නොව සබඳ
නැතිනම් කුඩයක් ඔබ හට ඉහලන්න
පාර්ක් ගොසින් කුඩයක් යට කරගන්න

නොමනා දේවල් කරනා අයට ඉතින්
යන්නට වෙනවා අනිවා කවි මඩුවෙන්
ඉන්නට බෑ කොහොමත් මෙහි රැඳි ඉතින්
යන්නට යති පැණි මුට්ටිත් හිසේ නවන්

අනේ අනිච්චේ මුං හට ගිය කාලේ
ලව් කර කර ඉන්නට නම් ඇත ආලේ
නොහැකිද ලිවුමට කවියක් නව තාලේ
දිනා ගන්න කවි මඩුවේ රස සාරේ

කාට නමුත් කෙල්ලෙක් නම් සෙට් වෙනවා
කතා මොටද මෙහි මල් සර ගැවසෙනවා
කාලය සොඳ නම් කෙල්ලක් සෙට් වෙනවා
ඉවසාපන් කොල්ලනි කාලය එනවා

අත ගන්නට බලා සිටින මේ කුකුළා
කිවිඳියකට අත තැබුවේ ලෙස නොමනා
ඉන්නට බැරි නම් රිසි සේ බොට සොඳිනා
යනවා හොඳයි අහකට මේ වල් කුකුළා

කවි මඩුවක්දෝ මෙය යැයි සිතුනි මට
දුටු විට සොයනා හැටි සැම ලඳුන් ගැන
කවියෙන් මගුලක් කර ගන්නට සැවොම
හති දමමින් කවි ලියනේ වෙයි නිබඳ

නිශාචරය නුඹ වෙද මම පන්සිළුය
යකා මොටද මා සිටිනේ වෙයි නිබඳ
යක්කු ගස් නගින වේලෙහි ආවෙ මොට?
එන්න සබඳ කවි ලියනට මා සමග

අඩි ගසනා කොල්ලන් හට කෙල්ලො ඉතින්
කැමතිම නැත දැනගන් මා සබඳ හොඳින්
නොනැව-තුවොත් සුරා පාන මදන විසෙන්
සපත්තු අඩි ගසනු මැනව පාරෙ ඉතින්

මෙහි ඉන්නා සියළු කොළුන් නම් දන්නේ
ගෑනියකට ගරු කෙරුමට නොම දන්නේ
අත ගැනුමට පමණයි උන් දඟලන්නේ
සයනට ගොස් සැප විඳ අත හැර යන්නේ

දපන්නට එපා අවිදින් ඉඳ ගන්න
රිසි සේ හැසිරුම නොම වේ අමාරුව
උත්සාහය අත හැරුමෙන් වළකින්න
හොඳ මිනිසෙක් ලෙස ලෝකෙට යන්න

සෝරෝගේ ඉසෙඩ් අකුර එල්ලෙන්නේ
ඔන්න මෙන්න වාගෙයි එය පැද්දෙන්නේ
කවි දැකුමෙන් ඔහුගේ මට වැටහෙන්නේ
තොඳොල් වෙවී ඉන්න බබෙක් මෙන් පෙනුනේ

සරසවියෙන් ආව නමුත්
කවි ලියන්ට පාර සැදුත්
ගැලවෙන්නට සරම අලුත්
දෙන්නෙමි කවි පහර මමත්

පැණි සලනට නම් නැත මා මනාපේ
කොල්ලන් අතරේ සටනට ආ නංගියේ
සහයෝගය දෙන්නට ආවෙමි නිබඳේ
පැණි කරුවන් හට නෑ මගෙ මනාපේ

කඩුව තියා ගන් සඟවා සමාජෙටා
එය දැකුමෙන් එන්නේ වෙයි කලන්තෙටා
කඩු වනනා බෝ දෙන ලොකුවට පුම්බා
මලකඩ පිහි පෙන්වා කෑ මොර දෙන්නා

හරවත් නෑ මේ කවි මඩුවේ කවියෝ
සරුවත් මෙන් බොන කලටා පැණි හැලියෝ
මඩ නම් බෝ වෙයි මෙහි නැත රස කවියෝ
ගුණවත් කිසිවෙක් නැත ඇත්තේ ඇඹලයෝ

මොකට කියනවද මානෙල් මලේ රඟ
සෝරො වුනත් නෑ වැනුවේ කඩුව මොට
කන්න දුන්නොතින් නුඹ හට නෙළුම් අළ
හෙට කියාවි නෙළුම් මලක් වගේ බව

මෙන්න බොලේ කවි ම්ඩුවට පාතාලේ
සොක්කෙක් පැමිණිලා ඇත්තේ දවාලේ
ලාමක ටිං ටිං කෙනෙකුන් බවට පෙනේ
සූප්පුවක් ඕනෙද චුට්ටන් සබඳේ

කොල්ලො ලීවොතින් කවි, කවි නොම වේද
කෙල්ලොම ඕනෙ කුමටද මට පවසන්න
ලයින් දමන්නද කෙල්ලන් ඕනෙ බොට
කවි සටනින් පරදිනවා ඔබ සැවොම

කවුද බොලේ මෙහි ඉන්නා මී හරකා
මඩ නාමින් මඩ ගසනා කුළු මීමා
මඩ සෝදා ගත්තත් නොවෙනුය මිනිහා
ඌරු තෙලෙන් බදිනු මැනව මේ ඌරා

චානු මල්ලි වැරදි පොටින් එය නොම ගන්න
මම මනාප නම් නැත අඩි ගසනා අයට
එවන් සැපක් ගන්න බලන් ඉන්නා අයට
කවුද කැමති සුරා මතින් ඉන්න හරක්ට

සත්තු වත්තෙ ලැග ඉන්නා සත්තු ඔක්කොම
ඔයාට ආදෙශ වුවත් නෑ අමනාප?
කැලේ ඉන්න සත්තු ටිකත් නොගෙනෙනු මැනව
කවුද කිව්වෙ හිත හොඳ යැයි ඔබට කවද්ද?

අම්මාගේ ඇගිල්ලෙ එල්ලී ඉන්න
සෝරො කෙනෙක් නම් නෑ අද කොහෙත්ම
ඔබ නම් අම්මාගේ උකුලේ තවම
සෝරො නෙවේ නුඹ කිරි සප්පයෙක් මට

කලන්තේ හැදෙන් නැත මට ඔබට වගේ
කලන්තේ හැදෙනු නියතයි කා මඩ මාගේ
කෑවා මදිද ඔබ හට මඩ මා දුන්දේ
ඕනිද තවත් මඩ ගොහොරක් නුඹේ කටේ?

කෙල්ලො හින්දමද ලොව ලස්සන වෙන්නේ?
කෙල්ලො තමයි ලෝකේ හැම වනසන්නේ
ලෝකෙ ප්‍රශ්ණ අම්බානක් වැඩිවන්නේ
කෙල්ලො නිසයි ඒ බව නුඹ දැනගන්නේ

නුඹේ මොට්ට කඩුව හොඳා කොස් කොටන්නට
කොස්ද තියා අහසේ තරු දැක ඇත්ද?
කාපු මඩ මදිද තවමත් දිරවන්ට?
සුදුසු කළ නොවේ ඔබ වැසිකිළි යන්න

උදව් දෙන්න ඔබ රතු කුරුසේද අනේ?
අපි බය නෑ දෙන්න සටන ඔබට පනේ
ආසයි යවනට ඔබෙ දත් බඩට අනේ
කැමතිද දත් නැති කළ බත් කන්න පනේ?

නුඹ පමණයි හඳට බිරුවෙ
උඩු බුරමින් මඩ කෑවේ
දත් මැදගෙන එන්න අනේ
අස්පයාත් නොන්ඩි වගේ

මෙන්න බොලේ කවි මඩුවේ කපල් එකක්
පෙම් කෙලිනා සැටි දැක්කම ආපි තුටක්
දෙන්නම එක් වී ලීවොත් කවි දෙපලක්
කවි ජය නැතුවට දිවි ජය ගන්න හෙටත්

තම කවි දැක හිනා යතේ
පිස්සු වගේ ඔබට ලඳේ
වහාම යනු හනික අනේ
මුලේරිය දෙසට පනේ

කවුද ඇවිත් දඟලන්නේ
පිස්සු බුවෙක් බව පෙනුණේ
වැප්ද කියා විමසන්නේ
ඔහු එහෙමයි හැසිරෙන්නේ

අනේ පවු මේ ළමෝ
කවි පදත් හැඩි වුනෝ
වෙන්ව ගිය'කුරු බොහෝ
එක්කරන්නට එන්නදෝ?

සදා තුටින් වෙසෙනු සඳේ
සිනා දසන් කෙරේ යැවේ
දුටු විට ඔබ සිනා මුවේ
කවි පද නම් මතක් වෙතේ

එහෙම බොසාලා හිටියා නම් මොකද
අපිටත් හැකි නම් හූ ගා යවන්නට
හැංගෙන්නට නම් නැත ඉඩ මේසෙ යට
අනේ සාධු බොසා නැතේ ලඟ පාත

කුණුහරපත් ගෑවෙන්නයි දැන් නම් යන්නේ
බයෙත් බෑනෙ මේක අමුතු මඩුවක් වෙන්නේ
මේ දැක කවි පද වැල් නම් ඉබේ ගෙතෙන්නේ
නරක වචන හෙම නොකියන් මා මිතුරන්නේ

කනවා නම් හොඳයි නේද දත් මිටෛ ඔබ තුමා
යනවා නම් හොඳයි නේද කන්නට මෙය දමා
එනවා නම් එන්න වහා කෑම බඩට දමා
දත් තිබේද බත් කන්නට ඇසුවේ මම තමා

පසන් අප්‍රසන්න වෙන්න එපා හොඳේ
දිල් වැනි කෙලි පොඩිත්තියක් ඉදිරියෙදී
කොළු කම රැක ගන්නට අප හැමගෙ නිති
සහයෝගය මාත් පසන් වෙත දුනිමි

කෙල්ලො වුනත් දුර යන්නේ ටික කාලෙයි
උඩ පැන්නොත් බිමකුත් නැතුවා වාගෙයි
සුපර් ස්ටාර් කෙල්ලෙක් වුණ පලියටනේ
ඔය හැටි උඩ පැනලා ශෝ පෙන්නන්නේ

කොල්ලො දෙතුන් දෙනෙකුන් දිල් හට අඹරන්නේ
පරිස්සමින් පද වැල් ගලපනු මා මිතුරේ
මන්ද කියන් ඔබ ඔය හැති ආඩම්බරයේ
ඇඟිල්ලෙ තරමට ඉදිමෙන් කෙල්ලෙකු විලසේ

ගොනා බැන්දෙ ඔයා වගේ එළදෙනෙකුයි
හිනා වෙවි දැක්කුවෙ අනුරාධ තමයි
මමත් කරත්තේ පසෙකින් හිටියා තමයි
ඇදපන් දිල් එළදෙන තව ගමන දුරයි

දිල් නම් හෝ හෝ ගාල කවි ලියනේ
අයිස් ගගහ වැඩක් පලක් කර නගනේ
මෙහෙමත් ගෑනුන් අම්මප ඉන්නවනේ
එලවන්නට කවුරුද මට අත දෙන්නේ?

මම හිතුවා වැප් අපගේ පැත්තෙ කියා
එනමුත් ඔහු පේන්නෙ පැණියෙක්ය කියා
පැණි නොසලා එන්නකො වැප් අයියෙ කියා
වඳින්න බෑ මට ඔබ හට එන්න කියා

පබළුගෙ පොට හොඳ නැතේ
එනකොට වැරදියි වගේ
ලහිරුට ඇස් ගසන්නේ
අපිටත් දැන් වැටහුනේ

ඒක සැබැයි
පසන් මිතුර
යෙහෙළි ඩබල
පිස්සු හටන

මඩ කෙදිනද රන් වූයේ?
මී හරකුන් හට මිසකේ
අප හට නම් මඩ නිතිනේ
මඩ ම වීය එදා සිටේ

මඩ ගන්නට ට්‍රච්ටරයක් ඕනෙ වෙතේ
දිල්ගෙ කටේ මඩ යහමින් ඇත්තේ
රෑ නොව මහ දහවලෙ අපි මඩ ගැහුවේ
දිල් නම් ආසාවෙන් නෙව මඩ කන්නේ

දැමුමට දෙයකුත් නැතුවා
නහයට ඔබෙ ලණුවා
ආපු වෙලේ සිට ඔබටා
නාස් ලණුව වැටුනි නගා

හරකුන් දක්කා ඇතුවා වාගෙයි
හොඳ පල පුරුදුත් ඇතුවා වාගෙයි
නරකද එය වෙන අයෙකුට පවරා
ගොන් දෙන වෙනවා මෙවරට දිල් මා

යන්න නෙවෙයි එලවනු ඇත
ඔබ ඔතනින් අයිස් කත
දිල් යනු ඒ මෝඩ ලඳ
පැරදුම දැන් ගනු භාර

කවි කියලා නොරොක් වුණත්
නැතිය හිතේ කිසි පරහක්
ජොලිය නිසයි ලීවෙ කවක්
තැබුමට සතුටින් අප සිත්

සෝබන කම් පෙන්වූයේ ඔබයි ප්‍රියේ
මා කුමටද සෝබන බස් තෙපළන්නේ?
මොළ පොඩිත්ත කවුරුද උදුමන් ඉන්නේ
එය ඔබමය මා නොවේය මා සබඳේ

කවි දෙක තුනක් ලියලා දැන් කියවන්නේ
මඩුවට ආවෙත් පසුවී නුඹ කාලේ
යන්නට අකමැතිදෝ නුඹ අපායේ
පැරදුන විට වීසා දැන්මම රෙඩි නේ?

ඔබේ මොළේ නම් ඇත්තේ පුටුව උඩ
සක්කරයත් එය නම් දන්නව නියත
රත් වෙන කොට පිච්චෙන්නේ පස්ස
ඔහුගෙ නොවෙයි ඔබගේ මොළයයි නිබඳ

මාද කිසිත් තරහ නැතේ
දිල් දිල් දිල් නංගි අනේ
මාත් නිකං ඇවිස්සුවේ
දිල්ගේ කුණු ගොඩ එලෙසේ

වාද වුණත් හිතේ නැතේ
කහටක් නම් මිතුරෙ මගේ
ඔබ වාගේ කබරගොයෙක්
තලන්ට මට ආස සිතේ

වාද වුණත් හිතේ නැතේ
කහටක් නම් මිතුරෙ මගේ
ඔබ වාගේ කබරගොයෙක්
තලන්ට මට ආස සිතේ

අසරුව නැති කළ සෝරෝ
යන්න ගියා කන්න සොයා
ඒ කළ මේ දිල් මෝරී
කන්න ආවාපිව සොයා

බත්ද කන්නෙ සෝරො අනේ
මම හිතුවේ මඩය කියා
මම කන්නේ බතුයි අනේ
ඕනෙද මඩ ටිකක් හනේ?

මොකෙන් නමුත් ඔහු ලියුවා කවිය ඉතින්
ඇද නොහොයන් සුපුරුදු ලෙස වට්ටි කතුන්
නැද්ද වැඩක් ඔබ හට දිල් නංගි ඉතින්
යන්න බැරිද කට වහගෙන පස්ස දොරින්?

ආසා ඇති දිනන්න මේ දිල් කෙල්ල
හිතන් ඉන්නෙ ලෝකය උඩ බව අල්ල
නටන් නැතිව ඉන්න ටිකක් දැන ගන්න
කොල්ලො අතෙයි කෙල්ලන්ගේ පාලනය

කොල්ලො විසික් කරනට නෑ ඉඩ දෙන්නේ
කෙල්ලො හිතන් ඉන්නේ හරි වැඩ කිඩනේ
ආවොත් පිරිමි දෙන්නට බැට කෙල්ලො වෙතේ
යන්ඩ වෙන්නෙ රෙදි නැතුවයි දැන ගන්නේ

උදේ ඉඳන් කරපු වැඩේ කෙරුවා නම්
අපිට කනක් ඇසී ඉන්න තිබුණානේ
ඇයිද අනේ මේ පැත්තට ආවේ?
බයිට් වෙලා මඩ කන්නද කෙල්ලේ?

සෝරෝ නම් ගැලපෙන්නේ දිල්ට තමයි
දෙන්නම එක නැට්ටේ දෙහි දෙකක් වගේ
තකට තකේ මඩ ගුලි ගුලි බඩට යතේ
රස කර කර කන්න සහේ බැසන් මඩේ

May 10, 2010

අන්තර්ජාල වතු වගාව

වත්ත හැදෙයි ලොකු වෙන කොට සල්ලි කති
සත්තු ගොඩයි උන් තැබුමට ඉඩත් නැති
මල් ගෙඩි වැල් කුණු කොල්ලෙට වවන සැටි
ට්‍රැක්ටරෙ දනී වවනා මී හරක් ගති

කාලය රන් හා සම බැව් සැම දන්නා
කාලය නිරතුරු පස් යට සැඟවෙන්නා
එලවළු පලතුරු ටික නම් වේලෙන්නා
කුමක් කරන්නද කෑමට ගත නොහෙනා

අටුවක් නම් දැක ගන්නට හැකි නොවෙනා
බාන් බඩිය නම් වෙන එය තුල කිසිදා
වගාව මනරම් කර ගත හැකි ලෙසිනා
ෆාම් විල් කියා ගමකුත් ඇත සොඳිනා

අන්තර්ජාලය නැති විට වවන්නට
ඉඩක් කඩක් නම් නැත කිසි අයෙක් හට
පලක් නොමැති ඵල වැවුමක් කුමකටද?
කාලෙ නොකා වැඩක් පලක් කරනු මැන

May 9, 2010

නොබුදින් දුන් අත

මතකයි එදා සිටි හැටි අපි එකා වගේ
නැත්තේ අද මොකද ඒ දේ මෙදා පොටේ
අමතකදෝ දුන් හැටි මගෙ දැනුම් එසේ
නොසඟවාම ඔබලා හට එදා වගේ

නැත මා නම් තනිවීලා එදා සිට
දකින්න ඇත මට නම් මේ ලඟක සිට
ඔබලා හැම තනිවී ඇති ලෙසක මිස
නැත කරනට මා හට පිළියම් එයට

නරකද අත හැරියොත් හැම මහා මොලේ
සුහදව සිටියොත් පෙර සේ එදා වගේ
පාගා ගෙන ඉන්නට තැත සැවොම අනේ
අත දුන් හැම ඇයි විසි කර දැමුවෙ හනේ

හිටියොත් නම් ඔය විදියට මේ රොප්පේ
තනි වෙනවා නිසැකයි හැම ඒ රොප්පේ
දුන් අත නොසපා හිටියොත් හොඳා වගේ
බත් කන්නට අතකුත් නැතිවෙයි සබඳේ

May 5, 2010

නුඹයි මගේ සඳ

අමතක නොවෙන දිනයකි මට ජීවිතයේ
නුඹේ උපන් දින මට නම් කිසි දිනයේ
උපනේ නැති නම් ඔබ මේ ලොව එදිනේ
හමු වන්නට හැකියක් මට වෙද කෙල්ලේ

පුංචි තිළිණයක් ගත්තා නුඹට මම
වටිනේ නැත මට එය ඔබ තරම්මම
හැකි වේ නම් ඉර හඳ ගෙන දෑතින්ම
පිදුවද දුන්නා මදි වෙය ඔබට මම

මට ලැබුනේ නුඹේ සෙනේ නිරතුරුව
දැනුනා හැම මොහොතෙම ලඟ නැතත් මම
තුරුල් වෙලා සිටිනට වෙද තිස්සේම
නොහැකි වුවත් නුඹ මාගෙයි හැමදාම

පුංචි හුරුබුහුටි කෙල්ලෙකු ලෙස මාගේ
හදට තුරුල් වී සිටියා එදා මගේ
ඉන්නට ආසයි අදටත් එදා වගේ
නුඹෙ සියොලඟම ගෙන මා තුරුලට නිබඳේ

May 4, 2010

සුභ උපන් දිනක් ප්‍රියේ

මව් කුසින් එළිය දුටු විගසිනේ ඔබ සඳේ
ඇගෙ රුවයි ඔබ දුටුවෙ නෙත් දෙකින් මිණි මගේ
ඒ සොඳුරු නිමේෂය සිහි නැගෙයි මා සිතේ
සුභ උපන් දින පැතුම් මා කෙරෙන් ඔබ වෙතේ

මවකගේ ආදරය නැති නමුත් සමීපේ
පියාණන් නොදුටුවද බෝ කලක් අතීතේ
මම සිටිමි ඔබ ලඟින් මාපියන් මෙන් නිතින්
එතරම් ම ආදරෙන් රැක බලා ගමි තුටින්

මුල් හමුව සනිටුහන් වන දිනත් අදමමයි
මුල්ම සේවය වෙතත් ගිය දිනත් අදමමයි
ඔබෙ උපන් දින සැමරුමත් යෙදුනෙ අදටමයි
දීඝායු සුව ලඳේ නිති සොඳින් නුඹ ලබයි

මගේ දිවි වර්ණවත් කළ ඔබේ සිනාවෙන්
මුලු දිවිය නිති සොඳින් ඉන්න මා හද ලඟින්
උදා වූ ජන්ම දින ඔබ දිවියෙ මල් වැලින්
සරසවා සමරන්න සුභ උපන් දින සොඳින්

May 3, 2010

මා සිප ගත් කුසුම

වන අරණේ පිපුණු කුසුම - නෙලන්නට කියා කියුවේ
නුඹේ සුවඳ නොම වේදෝ - මගේ ප්‍රියාදර කොමළී

දසන්තේ පුරා විහිදුණු - නුඹේ සිනා හසරැල්ලේ
සිතැවුල් දොම්නස් මැකුමට - කියාපු ඔසුවක් වැන්නේ

සුදු මුදු මුව සිප ගන්නට - ඒ කුසුමේ සුවඳ කෙරේ
ලං වන හැම මොහොතෙම ඔබ - මා සියොලඟ දැවටෙන්නේ

අන් සතු වන්නට නොම දෙමි - මා සතු වූ ඒ කුසුමේ
ආමෝදය මා අසබඩ - පිපී නිතොර පතුරන්නේ

කුසුම නෙළු දින මොහොතින් - මොහොත කෙමින් ලං වන්නේ
මතකද ඒ දින ඔබ හට - මගේ ප්‍රියාදර සොඳුරි

සිව් විසි පෑ වන් සත් දින - සොලොස් වරක පෑ ගතවී
උදා වනු හැඩයි මා නුඹ - හමුවූ සැමරුම ලඟදී
"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.