කෙලෙස සිටිම්දෝ ඔබ නැතුවා

වෙනකෙකු අත ගනු බව දනිමින්
අයි අප එක් වූයේ සොදුරේ
දිනකදි වෙන් වෙන බව දනිමින්
ඇයි අප පෙම් බැන්දේ හර්දේ

නැති නොවුනද ඔබගේ ප්‍රේමේ
ඉවසිය හැකි වේදෝ සොඳුරේ
වෙනකෙකු හා බෙදනා ආලේ
මා කෙලෙසින් බෙදමිද එලෙසේ

ඔබ බෙදලා මට දෙන ආලේ
මා කෙලෙසින් විඳිමිද ආයේ
සතුටක් නම් වේවිද මනසේ
ඔබ ලඟ නැති දිනයක දිවියේ

එදිනය අද නොව අනාගතේ
බැව් වටහා ගෙන ඉඳිමි සඳේ
එතකන් අපි දෙදෙනා පෙරසේ
හිඳිනෙමු අත් වැල් බැඳ ආලේ

Comments

  1. නැති බව දැනුනු විට මා හට ආලය ඔහුගෙ සිතේ
    ඔහු හැරදා ඔබ වෙතටම දුව එන්න සිතේ
    මහමෙරකට ආලය ඔබ හට ඇතිය මාගේ සිතේ
    එනමුදු දනිමි මා සිතිවිල්ලට වරම් නැතේ

    ReplyDelete
  2. නැති බව දැනුනු විට මා හට ආලය ඔහුගෙ සිතේ
    ඔහු හැරදා ඔබ වෙතටම දුව එන්න සිතේ
    මහමෙරකට ආලය ඔබ හට ඇතිය මාගේ සිතේ
    එනමුදු දනිමි මා සිතිවිල්ලට වරම් නැතේ

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.