එදා මම මයි අදත්

තාමත් මං බත් පිඬුවක් වෙන් කරනව ඔබේ නමින්
සිටියා නම් මගේ ලඟින් කවනව එය මගේ අතින්
ගත වූවත් කාලය බෝ වෙනස් නොවෙමි කිසි ලෙසකින්
එදා මම ම තමයි අදත් පෙම් බැන්දේ ඔබ වෙනුවෙන්

බුදුන්ට පසු මව් පියනුයි මාගෙන් නැමදුම් ලැබුවේ
ඉන් පස්සට ඔබේ නමයි මගේ සිතේ රජ කෙරුවේ
කරනට හැකි වේ නම් ආදර බැතියෙන් ඔබ අසලේ
දිව්‍ය සිරින් වැජඹෙන මාලිග තැනුවත් නොම සැහේ

සිහි මඳ ගතියක් මෙන් ඔබ දකිනු ඇතේ මගෙ ආලේ
එනමුත් මා ඔබට ප්‍රියේ පෙම් කෙරුවේ හදින් සඳේ
උමතු ලෙසින් පෙම් බඳිනට ඔබයි මහට අත දුන්නේ
ඒ හින්දයි ඔබ දැකුමට නිරතුරු අසලට එන්නේ

අත හැරුමට සිත් නොමදේ බැඳගත් අතිනත සොඳුරේ
දෑඟිලි එක් කර බැඳුමට කිසි දින හැකි වේද සඳේ
දිවි ඇති තෙක් ඔබ වෙනුවෙන් එදා ඉඳන් කල ආලේ
නුඹ ලඟ සිටියත්, නොවෙතත් කරනෙමි මම දිවි කාලේ

Comments

  1. හ්ම්ම්ම්ම්... ඇත්තටම ලස්සනයි මේ සොන්ග් එක. දිගටම කරගෙන යන්න.. මගේ සුභ පැතුම්

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.