අන්තර්ජාල වතු වගාව

වත්ත හැදෙයි ලොකු වෙන කොට සල්ලි කති
සත්තු ගොඩයි උන් තැබුමට ඉඩත් නැති
මල් ගෙඩි වැල් කුණු කොල්ලෙට වවන සැටි
ට්‍රැක්ටරෙ දනී වවනා මී හරක් ගති

කාලය රන් හා සම බැව් සැම දන්නා
කාලය නිරතුරු පස් යට සැඟවෙන්නා
එලවළු පලතුරු ටික නම් වේලෙන්නා
කුමක් කරන්නද කෑමට ගත නොහෙනා

අටුවක් නම් දැක ගන්නට හැකි නොවෙනා
බාන් බඩිය නම් වෙන එය තුල කිසිදා
වගාව මනරම් කර ගත හැකි ලෙසිනා
ෆාම් විල් කියා ගමකුත් ඇත සොඳිනා

අන්තර්ජාලය නැති විට වවන්නට
ඉඩක් කඩක් නම් නැත කිසි අයෙක් හට
පලක් නොමැති ඵල වැවුමක් කුමකටද?
කාලෙ නොකා වැඩක් පලක් කරනු මැන

Comments

  1. පොල් පොට්Monday, May 10, 2010 3:44:00 PM

    නියමයි දරුවො.. මටත් ඔය කෙරුවාව කරන වුන් පෙන්නන්න බෑ. ඔව හදන වුන්ටත් වස් කවියක්වත් කියල දාන්න.. :)

    ReplyDelete
  2. කලයනම්........අපරදේතමා

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.