ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

September 30, 2010

සමාවන්න, නොසිතා කළ වරදට

සමාවන්න වැරදීමක් වුනේ මට
හිතුවෙ නෑනෙ සිදු වේ යැයි මෙවන් ලෙස
ලියූ කවි වලින් පහරක් වැදි අයට
සමාවන්න කියලා මම කියමි අද

කවි ලියුවේ හිතට ආපු සිතුවිල්ලෙන්
හිතේ කහටකුත් නෑ මගෙ සැබෑ ලෙසින්
අසා සිටි නිසයි සැම දුක් ගැනවිල්ලන්
ලියා සිටියෙ කවි පද වැල් අමුණවමින්

දොසක් වුනා නම් එ'කවිය හැමෝටම
සමා වෙන්ට කියලා මම පතමි අද
සිතා මතා නොකලෙන් ලැබු පාඩුවද
මකා ලන්න සිත් අතරින් අද හෙටම

නොවේ මෙවන් දෙයක් තවත් ඉදිරියට
සිතා ගතිමි මෙමගින් ලැබු පාඩමම
ගසේ කොළ කඩා නොදමනු කිසිත් දින
මඩ සෝදා ගෙන නිති ජය පතනු මැන

September 23, 2010

වැඩ පොළක් යට මඩ ගොඩක්

යන අය හට යන්න දීල - ඉන්න බැරි මොකෝ?
ගියැයි කියල ඇඟෙන් කෑලි - යන්නෙ නෑ සහෝ

යන්න කලින් කියල යෑම - අනිවාර්ය මොකෝ?
කීවොත් යනු බොරු හින්දයි - නොකිය ගියෙ සහෝ

ඉස්කෝලෙත් මේ තරමට - නීති නෑ අහෝ
ඉස්කෝලෙට හපන්'වු මෙය - හිර ගෙයක් අපෝ

කනෙන් කනට රහස් කියන - පිරිමි නම් මෙහේ
ගෑනුන්ටත් හපන් වගේ - වැඩක් නෑ අනේ

අකුරට නම් වැඩ තියෙනව - කොහෙත් නැති තරම්
පඩි ගෙවන්න බෑ අකුරට - හූරන් කන කං

තනතුරු ලොකු වුනත් මෙහේ - තනියම වැඩ බෑ
ලොකු උන්දෑ නැතුව කිසිත් - තීරණ ගනු බෑ

කේලම් නම් කීම අතින් - කප් ගැසුවො ඇතේ
අනුන්ට කෙලවන තරමට - බාල්දිය පිරේ

බාල්දි අල්ලන හැමටයි - කියන්න යන්නේ
සැලකුම් අඩු වෙද්දී - පෙර පව් සිහි වෙන්නේ

සමහරු ඉන්නව කොටසකටයි සලකන්නේ
තම ජාතියෙ අය විතරයි - උන්ට පෙනෙන්නේ

එකෙක් ගියැයි කියල මොකද - රිදෙන්නෙ ඔතරම්?
මෙච්චර කල් ගියේ නැත්ද - අළුත් යැ එතරම්

යනවා නම් අපි යනවා - ටටා කියල දැන්
කවදා හරි යන්න වෙනව - මතක තියා ගන්

කළු ලැයිස්තු සකස් කලත් - පලක් නෑනෙ දැන්
ඒකේ ඉහලින්ම ඉන්නෙ - ලොකු උන්දලැ නම්

September 19, 2010

ගියාට දුක් නොවියන්

මේ මම දැකපු නිසඳැසකට මට ලියන්නට හිතුනු පිළිතුරු කවි පෙළක්. මේ නිසඳැස මා කියෙව්වේ http://wawulthippola.blogspot.com/2010/09/blog-post.html කියන සබැඳියෙන්.

වෙනකෙකුන් ගැන නොසිතා
කලා නම් පෙම් නිබඳා
අහිංසක නම් එසැමා
ගියේ ඇයි ඔබ හැරදා?

වැරදි නැති නම් ඔබගේ
සොබාදම පෙම රැකදේ
හදත් නුඹෙ රැකි පැවතේ
ඇයත් ඔබ ලඟ ගැවසේ

සිතේ ඇඳි ඡායා
නැතේ යනු මැකිලා
දුකින් කල් යවලා
කිම්ද ඵල කියලා

යන්න දෙනු ඒ සැමටා
හිතේ බැමි අත හැරලා
යන්න ඉඩ දීලා
බලන් ඉඳපන් මිතුරා

September 15, 2010

ලොකු ගහක කතාව



ගසක් තිබුනි කලකට පෙර සෙවණ සැදූ
කොළත් තිබුනි හරි හරියට කඳත් සරු
වැටුනි කලාතුරකින් කොළ බිමට දැරු
වැඩුනි කොළත් අතු පතරේ සැප අයුරු

කල් යද්දී කුණු වී ගියෙ ගසේ මුල
වතුර දැමූවත් නොවැඩිනි ගසේ ඵල
කොළත් එකිනෙකින් පොළවට පතිත විය
සෙවන ලබන්නට හැකියක් නැතෙයි අද

සෙවණක් නැතිමුත් ගස යට සිටියි අප
සෙවණක් දෙන ගස් සොයමින් නිරතුරුව
කොච්චර දැමුවත් දවසෙම එහි පොහොර
සරු කරන්න බැරි පාටයි යලිත් එය

සෙවණ සදන ගස් ඇති මුත් හතර වටේ
යන්න නොහැක අප බැඳ ඇත ගසේ බඳේ
හරකුන් මෙන් ගස වට තණ බුදිමින්නේ
කන්න තණත් නැත එහි බිම මුඩු වැන්නේ

පොහොර දැමූවත් යහමින් ගුණක් නැත
පොහොර සදන අප දන්නෙය ඒකෙ රඟ
පොහොර දැමිය යුතු ගුණ දෙන ගසකටය
පොහොරේ ගුණය වැටහෙන්නේ එවිටකය

ගසේ අතු කඩා ගන්නේ ගසේ මුලයි
ගසේ කොළ හලා ගන්නෙත් එහිම මුලයි
පසේ ගුණය නොරඳන්නෙත් ඒ හින්දයි
එය තේරුම් ගත යුතු කළ බෝම ලඟයි

ගහ වටේට අත් අල්ලන් සිටියාට
ගහ වටේට රන් වැටවල් බැන්දාට
වතුර පොහොර දිනපතාම දැම්මාට
මුලට වැඩක් නොම වේ නම් කිම වේද?
"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.