වැඩ පොළක් යට මඩ ගොඩක්

යන අය හට යන්න දීල - ඉන්න බැරි මොකෝ?
ගියැයි කියල ඇඟෙන් කෑලි - යන්නෙ නෑ සහෝ

යන්න කලින් කියල යෑම - අනිවාර්ය මොකෝ?
කීවොත් යනු බොරු හින්දයි - නොකිය ගියෙ සහෝ

ඉස්කෝලෙත් මේ තරමට - නීති නෑ අහෝ
ඉස්කෝලෙට හපන්'වු මෙය - හිර ගෙයක් අපෝ

කනෙන් කනට රහස් කියන - පිරිමි නම් මෙහේ
ගෑනුන්ටත් හපන් වගේ - වැඩක් නෑ අනේ

අකුරට නම් වැඩ තියෙනව - කොහෙත් නැති තරම්
පඩි ගෙවන්න බෑ අකුරට - හූරන් කන කං

තනතුරු ලොකු වුනත් මෙහේ - තනියම වැඩ බෑ
ලොකු උන්දෑ නැතුව කිසිත් - තීරණ ගනු බෑ

කේලම් නම් කීම අතින් - කප් ගැසුවො ඇතේ
අනුන්ට කෙලවන තරමට - බාල්දිය පිරේ

බාල්දි අල්ලන හැමටයි - කියන්න යන්නේ
සැලකුම් අඩු වෙද්දී - පෙර පව් සිහි වෙන්නේ

සමහරු ඉන්නව කොටසකටයි සලකන්නේ
තම ජාතියෙ අය විතරයි - උන්ට පෙනෙන්නේ

එකෙක් ගියැයි කියල මොකද - රිදෙන්නෙ ඔතරම්?
මෙච්චර කල් ගියේ නැත්ද - අළුත් යැ එතරම්

යනවා නම් අපි යනවා - ටටා කියල දැන්
කවදා හරි යන්න වෙනව - මතක තියා ගන්

කළු ලැයිස්තු සකස් කලත් - පලක් නෑනෙ දැන්
ඒකේ ඉහලින්ම ඉන්නෙ - ලොකු උන්දලැ නම්

Comments

  1. apooru kavi pantiyak.. Keep them coming

    ReplyDelete
  2. "ලොකු උන්දෑ නැතුව කිසිත් - තීරණ ගනු බෑ"පට්ට,පට්ට...ඉදිරියටත් මේවගෙ කවි සිතුවිලි පහල වේවා..........

    ReplyDelete
  3. අක්කරයක් තියෙන සමහර ඇයෝ...
    බොරුවට බාල්දි පුරව පුරවා ඉන්නා ඇයෝ...
    කට මත දොඩවමින් පුරසාරම් කියනා ඇයෝ
    දන්නෙ නෑ වරදින තුරු මෙවා

    හිතන් ඉන්නෙ හරි ලොකු ගස් කියාලා..
    එ උනාට දන්නෙ නැ දිරලා...
    කෙල වෙන දාට දුවපන් ගස් හොයාලා...
    එතකල් කියවපන් ගස් උද දමාලා

    මහ ලොකුවට තරහක් නෑ කියලා
    කිවෙ කවි සීපද ගොතාලා..
    එකෙක් ගිය කල මෙයාලා
    අඩමින් ඉදියි දුක් කදුලැලි ගලලා...

    පඩි නඩි නැතත් ලොකු ලොකු වදනුත් තියනවා..
    අද නෑ හෙට දෙන්නම් කියාලා කියනවා
    එකම බනේ හැමදාමත් අහෙනවා
    මහ ලොකුවට maturity යයි කියනවා..

    තුන්දෙනෙක් එකතු වී මෙලෙසින් කවි කියනවා..
    සසර පුරුද්දට දො අපි පව් ගෙවනවා
    tie court දමා මෙ අය පව් කරනවා
    බොරුව හැමදාමත් රජ කරනවා

    ආගම උඩින් දාගන සමහරු දගලනවා
    ප්‍රශ්න වලට නැති විසදුම් සපයනවා
    ලොකු ලොකු බාල්දි අල්ලා එහෙ මෙහෙ අවිදිනවා
    සුර ලොව නැතත් අපායටනම් යනවා

    සමහර අය රූකඩ ලෙස හැසිරෙනවා
    කියන දෙට හා හා I SEE යැයි පවසනවා
    බන්කොලොත් වූ තැනකින් මතුවනවා
    පබයකු ලෙසින් හැමදාමත් පුටුවේ වැජබෙනවා

    කහවනු අත ගගා බොරුවට දගලනවා
    හෙමදාමත් නැති බනේම කියවනවා
    අහින්සකයින් හෙමදාමත් රවටනවා
    retention වලින් මේ අය වැජබෙනවා

    colombus වගෙ ලොව හැම තැන යනවා
    project ගෙනවා යයි බොරු පවසනවා
    අපේ සල්ලි හූරාගන මොහු කනවා
    දන්නෝ දනිති මොහුට අපායක් නැති වෙනවා

    communication communication කියා රජ වෙනවා
    පඩි කතා කරනා විට ඔහු බලු වෙනවා
    mail දැමුවත් ඒවට reply නැතුවා
    ඔහුගේ profesional කම ලොවටම වැටහෙනවා

    කලු ලැයිස්තු සකසාගන දගලනවා
    නිතියේ රැහෙනට අප අසු කරනට යනවා
    හුක් පද කියන්නට මගෙ කට නලියනවා
    ඔහුගේ වල ඔහුගෙ අතින්ම නිමවෙනවා

    හැමගෙම වෙරදි සකසන්නට යනවා
    බොස් නොව ගුරුවරයෙක් වෙන්නට යනවා
    පියකු ලෙසින් සැමටම ඔවදන් දෙනවා
    හෙමදාමත් එකම වලක පල් වෙනවා

    අප සැම දරුවෝ යයි හැම විට පවසනවා..
    එනමුත් තම දරුවගේ යහපත සලසනවා
    අපි වැනි අහින්සක දරුවන් මේ ලෙස රවටනවා
    අනේ මෙවන් පියවරු මතු බුදු වෙවා

    ReplyDelete
  4. පුංචි කුමාරයාThursday, September 23, 2010 10:51:00 PM

    පදිංචිය එක තැනක
    ඉන්නේ තව තැනක
    හැලුවේ පැණි හැලිය
    ජාලයම වැට උඩය

    ෆෝන් එකක් හයි කරන්න
    ඉල්ලලාම දතුත් හැලිල
    ලොකු නෙට්වර්ක් හදපුවාම
    පොඩි පොඩි වැඩ බැරි වෙනවා

    අක්කලා හා මල්ලිලා
    පැද්දෙමින් ඔංචිල්ලා
    පඩි එපා කියලා
    පෙම් කෙලී පැණි හලා

    ලොකු උන්දෑ ගැලක් අදී
    උගෙ දෝණිය කාර් පදී
    අපෙ මල්ලට හුලන් පිරී
    තව යන්නට වාරු නැතී

    කන්න ගිහින් එන්නෙ නැතී
    දිරවනකන් සොමිත් නැතී
    කාලෙ කන්නෙ අපිද නිති
    කෑම පැයම උන්ට හිමි

    ReplyDelete
  5. elaaazzz common punchi kumarayaaa

    ReplyDelete
  6. මරු මරු මරු ම‍රේ මරු

    ReplyDelete
  7. ජාලෙ හදන එකෙක් සිටී - උගෙ හරි කෝලං
    උගෙ යාලුවා ඉහල තැනට - කියයිලු කේලං
    පාළු කපන්නට සින්දුත් - ඇසීම තහනං
    ලොකු උන්නැහේ ගහනවනේ - හඳටත් පාලං

    මුලු හතරෙන් දෙකක් ඉන්නේ අපි දිහා බලං
    කව්ද ඉන්නේ ඒ දෙස බලනා උන් දිහා බලං
    උං කරනා වැඩ දන්නේ උංමනේ බොලං
    මොනා කරන්නද මම කෙල ගැහුවෙ උඩ බලං

    මුට්ටි හැලිවලං වල එහි අඩු පාඩු නැත...
    පන්දං ගිනිගෙඩි හුළු අතු අවුලලා ඇත...
    හට්ටි ලිපතබා ගිනි අවුලලා ඇත...
    එකම කතාවට අපි තැම්බිලා ඇත...

    උන්දෑ ප්‍රොෆෙසනල්ලු අපි ප්‍රොෆෙසනල් නැත
    උන්දෑ එතිකල්ලු අපි එතිකලුත් නැත
    උන්දෑ ලීගල්ලු අපි ලීගලුත් නැත
    මේවා අසා සමහරු පාඩුවෙ නොයිනු ඇත

    ඇතුලෙ ගින්දරින් පිට ගිනි අවුලනු වැරදී...
    ගහ රැක ගන්න බොහෝ දෙනෙක් සිටියා උරදී...
    මුලින් ගත්තු ගොන් තීරණ දැන් ඇත වැරදී...
    මොකක් නමුත් වෙනසක් නම් පෙනීවි ලඟදී...

    විග් එක දමා ගවුමක් ඇඳ ගියොතින්...
    ජාලේ හදන තැන කෝලං කලෝතින්...
    ඇඩ්මින් කොලුවො වැඩ කර දෙයි සැනේකින්...
    යු.එස්.බි , ඉන්ටනෙට්නෙටුත් එනේබ්ලින්...

    හිටිය තැනට ගරහනවා නොවේය
    කෑ බත් පතට පහරනවා නොවේය
    උඩ බලාන කෙල ගහනවා නොවේය
    කලගුණ නොදත් වනසතෙකුත් නොවේය

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද?

    ReplyDelete
  8. මේක නම් හොදයි මැයි දින පෙලපාලියකට...

    ReplyDelete
  9. ඔතන දෙන් ඉතුරු වෙලා ඉන්නෙ ඒ දවස් වලත් අනික් උන්ට වල කපපු උන් තමා . . . . .උන්ට ඔතනින් කෙලින්ම යන්න තියෙන්නෙ අපාය . . . . .
    එතකන් ඉවසන් . . . . .තව තව ලියපන් . . .

    සමහරවිට උම්බ මාව දන්නවා ඈති

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.