සමාවන්න, නොසිතා කළ වරදට

සමාවන්න වැරදීමක් වුනේ මට
හිතුවෙ නෑනෙ සිදු වේ යැයි මෙවන් ලෙස
ලියූ කවි වලින් පහරක් වැදි අයට
සමාවන්න කියලා මම කියමි අද

කවි ලියුවේ හිතට ආපු සිතුවිල්ලෙන්
හිතේ කහටකුත් නෑ මගෙ සැබෑ ලෙසින්
අසා සිටි නිසයි සැම දුක් ගැනවිල්ලන්
ලියා සිටියෙ කවි පද වැල් අමුණවමින්

දොසක් වුනා නම් එ'කවිය හැමෝටම
සමා වෙන්ට කියලා මම පතමි අද
සිතා මතා නොකලෙන් ලැබු පාඩුවද
මකා ලන්න සිත් අතරින් අද හෙටම

නොවේ මෙවන් දෙයක් තවත් ඉදිරියට
සිතා ගතිමි මෙමගින් ලැබු පාඩමම
ගසේ කොළ කඩා නොදමනු කිසිත් දින
මඩ සෝදා ගෙන නිති ජය පතනු මැන

Comments

  1. Malliye ohoma nokaran kisi daka...
    Wenna epa melesin niwatayek nove Nuba ...

    Kavi rasa vinda samaharumai kelam kivee....
    eyalatath kavi liyewei noma sithuwe....

    Budu dahamata anuwai Api jiwath viya yuththe...
    Atalodahamata ai shamahuru kampaaa wenne ....

    ReplyDelete
  2. රැක ගන් පුතේ අප ලියලපු අපේ ගස
    කොලයක් වෙලා කඳ මුල පෝශණය කර
    ඔබත් කඳක කොටසක් වී සිටින කල
    දළු කොල නැතුව කඳ මියයනු දැනෙනු ඇත

    කොල දළු ඵල මුල් කඳ යන කොටස් ටික
    එකට නොසිටියොත් එහි හෙට ගහක් නැත
    හෙට ගැන සිතා අදටත් එහි වැඩෙන අප
    ගහ රැකගන්න වැඩ කලොතින් තමයි හොඳ

    පෙර කවිපද වලින් හිත් රිදුනා යයි සිතපූ
    කොයි කවුරුත් හිතුවොතින් හොඳයි මතූ
    තම තම අඩුපාඩු මින් පසු මැකිය යුතූ
    ඔබ සැම කොටස් කරුවෝ අප සැවොම පැතු

    මෙහි කවි බඳින අයඋනත් මින් පසු සිතිය යුතූ
    අප වෙන් උනොත් නැත එහි අපත් ගසත් පැතූ
    ඔබේ හැකියාව අගයන්නට මෙයින් මතූ
    ගමට රටට වටිනදෙයක් කලම යුතූ

    දළු කොල නැතොත් අතු කඳ මුල් මැරෙණු ඇත
    කඳ මුල් නැතොත් දළුකොල මෙන් ඵලත් නැත
    අපි සැම එක පවුලක්ය හිත්වල කහට නැත
    සිදුවුනු වැරදි අමතක කලොත් තමයි හොඳ

    දුටුවද ගසේ සමහරුගේ හැකියාව
    කිව්වේ අඩුපාඩු කෙලින්ම නොකියාම
    එයයි අපේ ගසෙහී ඇති සිරියාව
    කවුරුත් කරන්නේ තම තම රැකියාව

    අනේ ගහේ කොල අතු සිඳලන්න එපා
    ගහට නොදන්වා කොල අතු හැලෙනු එපා
    අත්වැරදීමකින්වත් වරදක් කරනු එපා
    නොසිතා සිතට එන සිතිවිලි ලියනු එපා

    ඔබ අද ඔතන ඉන්නේ මේ ගහ හින්දා
    ගහෙන් පෝශණය කර අප එහි බන්දා
    ගහ නොතිබුනා නම් අද අප කොහෙදෝ මන්දා
    රැගෙන යන්න ගහ අනාගතයට කැන්දා

    කවි නම් තියේ කියනව නම් රසයි සොඳ
    ඇනෝනිම්ස් ලෙස සිටීම තමයි හොඳ
    ** දෙනු එපා සමහරු මට කියයි ගඳ
    ගහ රැක අපිත් රැකෙනා එක තමයි හොඳ

    සමාව ගැන්ම නිවටකමක් නොවේය
    සමාව දීම ගෑනුකමක් නොවේය
    මෙතරම් දෙයක් කල ඔබ නිකමෙක් නොවේය
    එකම පවූලකී අපි කාටත් භය නොවේය

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.