තිත්ත ඇත්ත

සත්‍යය රජ කරන ලොවක ඉපදෙන්නට ඇත්නම්
බොරුව සහමුලින් උපුටා දැමූ රටක් වෙත්නම්
ඇත්ත තිත්ත නොවෙන විටෙක ජීවත් විය හැකි නම්
පරලොව ගොස් යලි ඉපදෙමි මෙහි සුර සැප තිබුණත්

ඇත්තට ලොව ඉඩක් නැතේ එය අමිහිරි හින්දා
බොරුව උඩ ඉඳන් සැමදා ඇත්ත වහන හන්දා
ඇත්ත කියා ලොවටම හැම දේම කියපු හින්දා
ඇත්ත කියූ අය ඇත අද කොන් වී පෙර ලෙසිනා

ඇත්ත වහන්නට කිසි විට හැකියාවක් නැත්තේ
සිතුවිලි පුබුදාලන්නට ඉඩක් කඩක් නැත්තේ
මානව හිමිකම් වාසිය හින්දා වැළලෙන්නේ
එය වළකාලන්නට හැකියාවක් කිසි නැත්තේ

බොරුව රජයනා විට හරි ප්‍රීතියක් දැනෙන්නේ
සත්‍යයැයි කියා දෙයකුත් ඒ යට සැඟවෙන්නේ
බොරුවෙන් කල් ගෙවනා අය මේ බව දැනගන්නේ
සිය රැවටුම මිස මඩ නොම ගෞරවෙ නැති කෙරුවේ

සත්‍ය තවත් සඟවන්නට හැකියාවක් නැත්තේ
ඇත්ත කියන අය හට නිති පාඩම් හිමි වෙන්නේ
සත්‍යයෙ නාමෙන් බොරුවට උල්පන්දම් දෙන්නේ
සත්‍යය හෙළි වූවෝතින් පැවතුම නැති වෙන්නේ

Comments