නැවත හමු වීමු

පස් මස ගෙවුනි පසුදා අපෙ ආදරයේ
ඇත තව යන්න දුර බෙහෙවින් ජීවිතයේ
ගතවු හැම දිනක් පාසා ආදරයේ
සිහිවී නෙතග කඳුළු පිරේ නිරන්තරේ

හමු වූවා අප අද දින පෙරදා මෙන්
සිටියා ඔබත් සැරසීලා සළු පිළියෙන්
මා ඔබ වෙතට ඇද ගන්නා ඔබේ රුවෙන්
අදත් එලෙසින්ම වූයේ ඔබෙ රුවඟින්

පොත් සල අපේ හමු වීමේ තැන වූයේ
අද පමණක් නොව එය පෙරදීය ප්‍රියේ
මා පැමිණවුත් ඔබ හමුවත අද දිනයේ
ඔබ පැමිණියේ පොත් මිලදී ගනුය ප්‍රියේ

යන්නට තිබූ මුත් දුර බැහැරකට අද
නරඹන්නට චිත්‍රපටය සිතූ ලෙස
කාලෙ හරස් වූයේ අද එයට සඳ
ගියෙ අපි ලඟම සිනමා හල වෙතට යස

ආස නමුත් අත් පටලා නැරඹුමට
නුඹයි නුදුන්නේ එය මට කරන්නට
හිතේ පෙම වැඩියි එනමුත් මගෙ නුඹට
චිත්‍රපටය නරඹා අපි ගියෙ යන්ට

Comments