එන්න ආයෙත් ලඟට සොඳුරේ

නුඹෙ නෙතු මට නැති වුනාට මගෙ ලඟ නම් නුඹ සිටියා
නුඹ ලඟ මා නැති වුනාට මගෙ හදෙ නුඹ නිති සිටියා
ආදරෙ නුඹෙ නැති වුනාට මං ආදරෙ රැක සිටියා
මගෙ තනිකම මකාලන්න නුඹෙ මතකය ලඟ සිටියා

අමතන්නට වදන් දෙකක් අවසර නැත අද මා හට
තෙපළන්නට වදන් දෙකක් හමු නොවුනෙද ඔබ මා හට
කතා කරන දෙමොහොතෙදිම ආසයි ආදරෙන් ඉන්ට
කැමතියි මං නුඹේ මුවින් මා ගැන තතු විමසනවට

පූරුවෙ කළ පිණ හන්දයි මා හට නුඹ හමු වූයේ
ඒ පිණ මදි වූ හන්දද යන්නට දැන් සැරසෙන්නේ
ආදරෙ කළ බව ඔබ මට ඇයි අමතක කර දැමුවේ
හැකිද පෙමින් අලලන්නට යළිත් මගෙ සිත් අරණේ

Comments