ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

March 25, 2011

වැරදුනු කලට මයෙ මිතුරට

මේ නිසඳැස 'චතුරගේ මතක අහුර' බ්ලොග් අඩවියේ පලවූ 'උඹලත් මගේ යාළුවොද..? ' ලිපියට මා විසින් පල කරන ලද කොමෙන්ටුවකි.

දුක් වුවත් නුඹ
ඒ නැතත් නුඹ
විහිළු කර මා
සිටියෙ කුමටද?
මිතුරු කම මිස
දෙයක් කුමටද
එක්ව සිටිනට
මේ කපේ තුල

සිදුවි ඇත්තේ
හොඳක් නම් නොව
හඳුන ගන් මැන
මිනිස් වරිගය
එක්ව සිටියද
මිතුරු වෙස් ගෙන
අඟේ හිඳගෙන
කන ම කන ලෙද

මතක ඇත්දෝ
අපට සිටියා
තරවු සිරුරක්
තිබු එ-මිතුරා
හඹා ගිය කළ
තරඟෙ ඉහ ලා
පරණ මිතුරන්
ඉවත දමලා

කියන්නේ නෑ
නුඹට මා සග
තනිව හිඳිනට
ලොවේ කිසි තැන
යකුන් හොරු හා
සලෙලු මනු සැම
ඇසුර වටිනෙය
ලොව දැකීමට

කියන්නෑ මම
කළණ මිතුරෙක්
යැයි කියාලා
නුඹට කිසිදා
වැරදි නම් ඇත
ගණන් කර නැත
නොසිත, සිතලත්
කරපු පෙර දින

නුඹේ අතිනුත්
වැරදි වී ඇත
එබව තවමත්
නැතේ මා සිත
කුමට පල් කර
තබා ගන්නද
හෙවිලි කලැ'කිද
නිවෙස මා හට

වැරදෙනා තුරු
හිනා වන්නට
බලන් හිඳිනා
පිරිස් බෝ ඇත
එබැව් දැනගෙන
දිවි ගෙවන එක
ඉගෙන ගන් සඳ
පහත් මනු සිත

March 21, 2011

දුරස් වෙන මිතුර

මාගේ පාසල් කල සිටම මිතුරෙකුව සිටි බ්ලොග් අවකාශයේදීද මිතුරෙකුව සිටින 'චතුරගේ මතක අහුර' ලියනා චතුර වෙනුවෙන් මා විසින් රචිත නිසඳැසකි.

ඇත හිතේ කොනක
මැකී ගිය මතක
රැඳී ඇත තවම
නැත ගියේ අහක

නොදෙමි යනු ඉවත
මිතුරුකම නැවත
ඉඩ ඇතේ තවම
අත් අල්ල ගන්න

වැඩ බහුල කම
වැට බැඳුම නොම
අප මිතුරු කම
දුරස් වන ලෙස

ඇත හිතේ කොනක
විහිළු කල පදම
හිනා වූ තරම
එකිනෙකා වෙතට

සිදුවු දේ කිම
මතකෙ සිඳලන්න
සිටිය බව මම
ඔබෙ මිතුරු ලෙස

පහද දෙනු මැන
මිතුර මට අද
යන්නෙ කිම ඔබ
මිතුදමින් දුරට

දුකයි මට සිතුම
නැති බවක් නුඹව
මගේ මිතු කැළෙහි
පෙර'ද මෙන් මෙදින

අකමැතියි මම
අතහැරුම නුඹ
නුඹ වගේ මම
නොවේ කිසි දින

මිතුරුකම මට
මහමෙරක් විය
එදා මෙන් අද ද
වෙනස් වී නොමැත

කැන්ඩි නුඹ මිතුර
වීය මා සබඳ
එක කුසේ නො'පිද
හොඳ මිතුරො වු'දින

March 19, 2011

හාවා සහ වළසා

හාව පසුපස වළහා - දිව්වේ කැලේ හරහා
හමු වීය ගෙඹි මිතුරා - විජ්ජාකාරයෙක් මිනිහා

දුනි තුන බැගින් දෙදෙනාට - වර සයක් හාවට වළහාට
වළහා පැන්නාලු ඉදිරියට - ඉල්ලුවේ මුල් වරේ හනිකට

මේ මුලු කැලේ වළසුන් - වෙන්න සැම ගැහැණුන්
ඉන්න මට සොමියෙන් - සදා කල් උන් සමගින්

හාව පැන්නේ පෙරට - ඉල්ලුවා එක වරට
තම වරේ සැමට - ඇසෙන්න හරි බරට

අනේ මට දෙන්න - හෙල්මටුව යන්න
බයිසිකලෙ මතින - ඉගිලිලා යන්න

වළහා හිනා වූවා - අඩිය බිම ගැහුවා
ඊලඟ වරය ඉල්වා - සද්දෙන් වගේ කීවා

රටේම ඇති වළසුන් - කරනු හැම ගැහැණුන්
ඉන්න මට ජොලියෙන් - උන් සමග කෙළියෙන්

හාවා මඳක් හිතලා - වටපිට හොඳින් බලලා
ගෙම්බාට ලං කරලා - වරේ ඉල්ලුවෙ කෙඳිරි ගාලා

බයිසිකලෙ දෙන්න - එයයි අඩු මෙහින
හෙල්මටුව රැගෙන - යන්න එහි නැගින

හිනා ගියෙ වළහට - පෙරට වැඩියෙන් මෙවිට
අවසන් වරය එවිට - කීවේය ගෙම්බාට

ලෝකෙම ඉන්න වළසුන් - කරනු නිති ගැහැණුන්
අනේ වාසනාවන් - මගේ වර අවසන්

බයිසිකලෙ උඩ හාවා - හෙල්මටුව හිස රඳවා
යන ගමන් හරවා - අවසන් වරෙත් කීවා

මාව එලවපු වළහා - දඬුවම් ගෙමියි වහා
කරනු ඔය වළහා - සමලිංගිකයෙක් වහා
"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.