හාවා සහ වළසා

හාව පසුපස වළහා - දිව්වේ කැලේ හරහා
හමු වීය ගෙඹි මිතුරා - විජ්ජාකාරයෙක් මිනිහා

දුනි තුන බැගින් දෙදෙනාට - වර සයක් හාවට වළහාට
වළහා පැන්නාලු ඉදිරියට - ඉල්ලුවේ මුල් වරේ හනිකට

මේ මුලු කැලේ වළසුන් - වෙන්න සැම ගැහැණුන්
ඉන්න මට සොමියෙන් - සදා කල් උන් සමගින්

හාව පැන්නේ පෙරට - ඉල්ලුවා එක වරට
තම වරේ සැමට - ඇසෙන්න හරි බරට

අනේ මට දෙන්න - හෙල්මටුව යන්න
බයිසිකලෙ මතින - ඉගිලිලා යන්න

වළහා හිනා වූවා - අඩිය බිම ගැහුවා
ඊලඟ වරය ඉල්වා - සද්දෙන් වගේ කීවා

රටේම ඇති වළසුන් - කරනු හැම ගැහැණුන්
ඉන්න මට ජොලියෙන් - උන් සමග කෙළියෙන්

හාවා මඳක් හිතලා - වටපිට හොඳින් බලලා
ගෙම්බාට ලං කරලා - වරේ ඉල්ලුවෙ කෙඳිරි ගාලා

බයිසිකලෙ දෙන්න - එයයි අඩු මෙහින
හෙල්මටුව රැගෙන - යන්න එහි නැගින

හිනා ගියෙ වළහට - පෙරට වැඩියෙන් මෙවිට
අවසන් වරය එවිට - කීවේය ගෙම්බාට

ලෝකෙම ඉන්න වළසුන් - කරනු නිති ගැහැණුන්
අනේ වාසනාවන් - මගේ වර අවසන්

බයිසිකලෙ උඩ හාවා - හෙල්මටුව හිස රඳවා
යන ගමන් හරවා - අවසන් වරෙත් කීවා

මාව එලවපු වළහා - දඬුවම් ගෙමියි වහා
කරනු ඔය වළහා - සමලිංගිකයෙක් වහා

Comments

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.