ඔයා නැතිදා එදා මතකය

මතකද ඔයාට
අපි මුණ ගැහුණු වෙලාවට
ඔයා මං දිහා
ආදරෙන් බලපු හැටි?
අදටත් ඒ දවස්
මතකයි මට
ගලේ කෙටුවා හා සමානව
ඔයාටත් එහෙමද?

මතකද අපි ඇවිද්ද හැටි
ගොඩක් දුර එකට?
ඔයාව සතුටු කරන්න
ඕනෑ එපාකම් ගන්න
පිස්සෙක් වගේ
මම කරපු කියපු දේවල්
මතකද ඔයාට
මට අමතක නැතත්?

ඔයා ආසයි නේද
පොත් කියවන්න?
ආසයි මාත්
පොතක් අරන් දෙන්න
මතකද ඔයා ගත්තා
පොත් ගොඩාරියක්
සැප්තැම්බරයේ?
ඔයා නිසා මාත් වුනා
පොත් ගුල්ලෙක්

මං කවියෙක් නෙවේ
ඒත් ඔයාට තිබුණු ආදරේ
මාව එහෙම කළා
මතකද ඔයාට
මං ඔයාට දෙන්න
ගත්තු පොත් වල
ඔයා වෙනුවෙන් කවි ලීවා?
මතක නම් කියන්න
ඒවායේ තිබුණු ආදරේ තරම

Comments

  1. ආදරයයි

    අද මාව අවදි කලේ
    හෙට දින අවදි කරවන්නේ
    අපව ජීවත් කරන්නේ
    හෙට දිනයේ අවදිව බලමි

    ඔබ ඊලඟ පරිච්චේදය
    ලියලද කියා

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.