ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

July 21, 2011

එන්න ආයෙම

මං නැතුව ඔයා හිටියට
ඔයා නැතුව මං ඉන්නේ
මිහිපිට අපායක බව
ඔයා දන්නේ නැතුව ඇති

මෙහෙම ලීවට
නවකතා නොබලන මම
බොලඳ වචනින් කියන්නේ
මට ඔයා නැතිව දැනෙන
පාලුවයි, දුකයි

කාගෙවත් කීමට
මං රැවටුනාට
මට කරපු ආදරේ වෙනුවෙන්
මං කරපු ආදරේ ගැන
යන්න කලින් එක මොහොතක්
හිතුව නම්
අදටත් අපි එකට

මං වැරදි කලත්, ඒ
ඔයා නැති වේවි කියල හිතලම
ඒත් අද ඔයා
යන්නම ගිහින්
සතුට හොයන්
මාව තනි කරලා


අනේ ආයෙත් එන්න
සොලොස් මස් පෙම
තව දිගු කලක්
ගෙනියන්න
දෙතැනක උන්නත්
තනියෙන් නෙවේ
සිතින් එකට

2 comments:

Sabith said...

අර්ථවත්...මටත් ඔහොමම හිතුන වෙලාවල් තියනවා..හැබැයි වෙන සිද්දීන් නිසා!

tee ළමයා said...

ලංකාවේ කෙනෙක් පිටරට ඉඳන් මේ කවි කියවන එක ගැන ගොඩක් සන්තෝසයි. මේ පැත්තේ ආවට ස්තූතියි!

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.