අභිසරු ලිය

මාගේ දෙවැනි ගී පද රචනය ලෙසින් ලියැවෙන මේ පැදි පෙළ විෂමාචාරී, අසම්මත සමාජයීය මාතෘකාවක් මත පදනම්ව ලියැවුනකි.

සියොලඟ දැවටෙන ඩා දිය නෑවෙන
සවස් යමේ නුඹ නිසොල්මනේ
යන්නේ කොයිබද නැවතුම කොතැන ද
නුඹෙ හිත පමණ ද එය දන්නේ

නිදන පැලැන්තියෙ උපත නිසා ම ද 
ගත මුදලට නුඹ පුද දෙන්නේ
අඳුරේ සැඟවුනු සළෙලු වසන්තෙ ද
සිහින දවා බත ඉදවන්නේ

දකිත් නොයෙක් අය නුඹගේ අභිනය
ආචාරය තුල නිතින් නෙතින්
මුවගින් පානා නුඹේ සිනා දැක
ඇදෙත් අයෙක් මසු බැඳන් ඉනේ

ගතවෙන හෝරා දෙක තුන අතරේ
රං මසු සෙවුමට නුඹත් ලඳේ
අසරණ මා පිය දූ දරුවන් සැම
සරදමකිය ලොව හතර වටේ 

පුං ඩා දිය පිස පුයර දමාගෙන
කොයිබද නුඹ ආපසු යන්නේ
මීලඟ නැවතුම කොයිබද වන්නෙ ද
නැතිවැ ද උන් දොළ සංසිඳුනේ

Comments