ජීවිතේදි සමහරු

ජීවිතේට...
එකතු වෙන සමහරු
විවිධාකාරයි,
විෂමාකාරයි,
වෙලාවකට ගුප්තයි,
ඒ වගේම
බලාපොරොත්තු වෙන්නේ
විවිධ දේවල්...
ඒ බලාපොරොත්තු
ඒ අයට
හැබෑ කර ගන්න,
අපේ බලාපොරොත්තු
අපි,
පරිත්‍යාග කරනවා...
ඒත්...
අන්තිමට අපි,
බලාපොරොත්තු වෙන දේවල්
එකක්වත්
අපට නොලැබීම
ඒ අයව
අපට
නැති වෙලා යනවා,
ඈත් වෙලා යනවා...
එදාටයි තේරෙන්නේ
අපි,
කොයි තරම්
රැවටිලාද
හිටියෙ කියලා...

Comments

  1. ඔයාගේ කතාව නම් සම්පුර්ණ ඇත්ත..එක මටත් දැන් හිතෙන දෙයක්..

    ReplyDelete
  2. බොහෝමයක් වෙලාවට වෙන්නෙ ඔය වගේ දේවල් තමයි නිම්ශෝ...
    අදහසක් පල කලාට තුති..

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.