දුටුවා නුඹ කලකට පසු

නෙත් බරවිණි ඒ දසුනෙන්
කඳුළු නැතත් ඇහි පියණින්
ඔබේ රුවක් දුටු සැනෙකින්
මෑතදි ගත් ඒ රූපෙන්

දුටුවා මා අහම්බයෙන්
මුහුණු පොතේ ඔබෙ පිටුවෙන්
යාල්පානමට ගොස් ගත්
නුඹේ රුවේ ඡායාපත්

දුටුවේ මා නුඹව බොහෝ
කලකිනි මේ ලෙසින් වුවත්
ඉකි බිඳිනට ගත්තා යළි
මගේ හිතත් ආයෙ සොවින්

මතකයි සිව් වන දින අප
දුරුතු මහේ දෙවසරකට
පෙර මුලින්ම කතා කරා
මුහුණු පොතින් අද වගේම

ඒ වාගෙම අදත් අපිම
මුහුණු පොතේ බෝ කලකින්
ආගිය තොරතුරු ඇසුවේ
මා හිත දැඩි කරන් නොවේ

හිතුවේ නෑ කිසි ලෙසකින්
නුඹෙ'රු දුටු සැණින් මෙලෙසින්
මගෙ හිත ඉකි බිඳීවි යැයි
හීනෙන්වත් පෙර දවසේ

Comments