නුඹ නෑ යලි එනු මා වෙත

සැලකූ හැටි - ඔබ මා හට
සිහිවේ මට - නිතරම අද

ඒ බව මට - සිහිවන විට
දෙණුවන් අග - කඳුලක් ඇත

තනි වූ මට - නුඹෙ කිසිවක්
හිමි නැත අද - පෙර දා ලෙස

සිටියත් අප - එක් වී පෙර
සිටියේ අප - වෙන් වී ලෙස

හමු වන්නට - ආසා ඇත
දකිනා විට - ඔබ හුන් තැන්

නුඹ ගැවසෙන - තැන වල විත්
හොරෙන් බලන් - ඉන්නට සිත

සැලකූ හැටි - මා නුඹ හට
අමතක වී - ඇත නුඹ හට

කොපමණ මම - සිහි කෙරුවද
නුඹ නෑ යලි - එනු මා වෙත

Comments

  1. "කොපමන මම - සිහි කෙරුවද
    නුඹ නෑ යලි - එනු මා වෙත.."

    මේ පෙලියට මම කැමත්යි.. ඇත්ත මේක උනත් අපිට ඕක තේරුම් ගන්න වෙලා යනවනේ..

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.