සිඟන සොබනන්

තරම නොදත් සමහරු ඉදිමෙත් නිතර
සොබන ක්‍රියාවෙන් ඔප් නංවයි සිරුර
නැති දේ ඇති ලෙස පෙන්වා දන අතර
බටහිර බසින් රවටයි ලොව දන නිතර

මුදල් කකා කරතියි ලෝකෙන් යැදුම
කරති කතා තමන්ම ඉපැයූ බවම
එනමුදු සැලකුවේ තවෙකෙකි ඔවුන්ගෙම
නම යනු වෙනකෙකුගෙ ඒ නම් තමන්ම ම

ගොනා බැඳි ගැලේ කැරකෙන සකය මෙනේ
සොබන දනන් පසු පස යයි කාසි වෙතේ
ධනය ඇති දෙනා සොබනන් ඇසුරු කෙරේ
ගැල බැඳි ගොනා මෙන් පිනවයි සොබන ලොලේ

කාසි නැති කලට සොබනුන් සිඟන වෙසේ
බනිති බටහිරෙන් කරවා අමන බසේ
කලද උදව් කෙතරම් ඔවුනට මෙලොවේ
ගුණක් නොමැත මුල අමතක සියල් දෙනේ

Comments

  1. "ගුණක් නොමැත මුල අමතක සියල් දෙනේ...."

    ReplyDelete
  2. ඇත්තම තමයි ඔක්කොම..

    ReplyDelete
  3. "කාසි නැති කලට සොබනුන් සිඟන වෙසේ"..
    ජරා ජීර්න වෙන සරීර කූඩුවට මොටද මෙතරං මේකප්..

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.