සුපිරි පිම්මට උපහාරය

2012 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දා නිව් මෙක්සිකෝවෙන් ඇරඹි දීර්ඝ ගුවන් ගමනකින් පසු අභ්‍යවකාශයේ දොරකඩ හිඳ ශබ්ධයේ වේගය අභිබවමින් පොළොව කරා ලඟා වූ ඔස්ට්‍රියානු ජාතික ෆීලික්ස් බොම්ගාට්නර් සුපිරි වීරයාට උපහාර පිණිස මෙම කවි පෙළ රචනා කරන ලදී.

ඉහළ යන තෙක් පහළ නොපෙනෙන
අඳුරු අහසේ තරු දකින්නට
උදෑසනක ම පිටව ගිය ඔබ
ලොවට ඉහළින් පෙනින එම දින

යනෙන අතරෙදි ලොවේ බෝ දෙන
රොක්වි සල රූ තිර වටා හිඳ
අවසනක් නැති විශ්වෙ දොරකඩ
ඉඳන් කරනා යුධය දැකුමට

කුඩා කුටියක සැඟව ඒ දින
බරට ඇඳුමක් ගතේ ලාගෙන
ඉහළ ගියෙ නිසි අණත් පිළිගෙන
හැටේ විරු කී කරපු පාලන

මයිල සූ විසි ගෙවා ගිය විට
හදේ ගැස්මන් ඉහළ ගිය කල
දෙනෝ දාහක් නෙතු පියන් හැර
බලා සිටියේ විමතියෙන් තද

හද ගැසුම් නවතනා සැරයෙන්
දොඩා වදනක් ලොවට කෙටියෙන්
පියාසැරි යළි එනා අටියෙන්
දිවිය අවදානමක තබමින්

තැබූ කල මිහි තලේ පා නුඹ
ගෙවා බෝ දුර පියාඹා නුබ
සුපිරි මිනිසෙකු වුයෙන් අද ඔබ
ඓතිහාසික වීය මැද සබ 




Comments

  1. අපූරු පද ටිකක්.....
    ඔබට ජය!

    ReplyDelete
  2. හතර වෙනි එක පට්ට,, අර නිකන් ම්ම්ම්ම්,, ලොකු පොත්වල තියන එකක් වගේ.

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.