හිම මත පා යුග

හිම මත පා යුග තබමින් එකිනෙක
මග දෙපසේ තුරු වැල් අතරේ
පාර සදාගෙන අකුරට යන නුඹ
වන පියසක මුව පැටවකු සේ

සිහිල් පවන් රොද කැන් ගත ගැවසෙන
සීත දෙසේ නුඹ මේ කාලේ
පොත් මිටියක් ගෙන අකුරට යන විට
සිතුවිල්ලේ තනිවෙද නිබඳේ

එනු හැකි නම් එතෙරට දිව විගසම
ඇරලන්නට පාසලට හිමේ
තනි වන්නට හැකි වේවිද අප හට
යළි එන නුඹ හා නදී ඉමේ




Comments

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.