නුඹ නොදකින රැය

නැතිමුත් දකිනට ඔබ මට
අද සිට දින කිහිපයකට
නුඹෙ කඩ ඉම පසු වන තුරු
සිදුවේ රෑ තනි වන්නට

ඔබෙ රුව අද දැක ගැනුමට
වරම් නැතත් අද දිනයට
මෙවන් වාර කෙතෙක් මහට
පසු කරන්න වේද මෙමට

රාත්‍රියේ වැඩ මුරයට
පිය නගනා නුඹෙ කටහඬ
අසන්නවත් හැකි වේ නම්
රුව නොදැකත් සතුටකි මට

ඊයේ අප ගෙවූ රැයද
පෙර දිනයක ගෙවූ රැයද
ඉන් පෙර අප හමුවු රැයද
සිහි වේ මට මේ රැයේද

අවසර දෙමි පාඩමටම
පතනෙමි සැම සිත් රැඳෙන්න
ජයගෙන ඔබෙ ඒ කඩඉම
නැවතත් එන්නට මා වෙත

Comments