ලඟින් සිටිනා නුඹේ අඩුව

දුරින් සිටියද ලඟින් සිටි ඔබ
ලඟින් සිටියද දුරස් වී ඇත
ආදරේ නම් කිසිත් අඩු නැත
දකින්නට නිති වරම් නැත අද

වෙර දරා ඔබ ගෙවන දින අද
සිතැවුලෙන් පසු වේය අප හද
හමු වෙලා ලං වෙලා ඉඳුමට
කාලයක් නැති තරම් අප හට

නැත කිසිත් වරදක් නුඹේ අත
සිදුවුවෙන් බෝ දුරස් වන්නට
ආදරේ බව දනී ඔබ මට
එයම ඇති ඉදිරිය ගෙවන්නට

ගෙවුනු සැටි මට තාම මතකය
පොහෝ දා රෑ නුඹේ වත ඔය
පොහොය සඳටත් වඩා හැඩ වුන
මවෙත ආ හුරුබුහුටි පෙම නුඹ

නිරතුරා ගෙවුනත් පොහෝ සඳ
අඳුරු වූව ද වටපිටාවම
නිතින් දල්වමි සිලක් හැම දින
අඳුර නැසුමට ආදරේ අප

Comments