ඔබේ අතීතය

ඔබ ගත කළ අතීතය
සිහි කරනුයේ මට
මා නුඹ ලඟ නොසිටි
මාගේ අවාසනාවය

නුඹ යහන්ගත වූ
අයෙක් අයෙක් පාසා
මාගේ හදත් සිතත්
හෙමි හෙමින් පැලි පැලී
ලේ ගලා යනු කිම?
මාගේ අවාසනාවය

ඒ රුදුරු අතීතය
නුඹේ දඩබ්බරකමින්
ගත වූ සැටි සිහිවෙත් ම
මා අද ද බෝ තනි වේය
කඳුළු සලනෙමි තනිව
නුඹ සිහි කරමින

එනමුදු ඔබ මාගේය
නැවත නැවතත් මාගේය
කලකට පසුව
මාගේම ප්‍රේමය වී
හමාරය දැන් මා හදේ
මා ප්‍රියාවිය ඔබම වේ අද
දිවිය සරසන ලෝකයයි නුඹ
අතීතය සිත රිදවුවත්
වරින් වර මා සිත

වාසනාවන්තය මා
අවාසනාවන් පැරදා
දිනා ගත් කල
ඔබේ හද පෙම
සදා, මියෙනා තුරා
යළි මම

Comments