කියු මැන ඔබ හට (Aashiqui 2 - Chaahoon Mein Ya Na)

කිව මැන ඔබ හට ආලේ
කරනෙම්දෝ කියා...
හද නුඹ කියනුද ආලේ
කරනෙම්ද කියා...

ඔබ හට මා කියනෙම් මෙලෙසේ
හද තුල බැඳි සුවිසල් ප්‍රේමේ
දමනු නොහැක සදා...
එනමුත් හද විමසයි ආයේ
මුණ ගැසුමට සිත් දේ විගසේ
නුඹෙන් අසමි මෙදා...

කිව මැන ඔබ හට ආලේ...

මෙසේ පෙර දිනේ - නොම වීය පැතුමන් සිතේ...
නොවූයේ සිතුම් - හමු වන්න කිසිවකු මෙසේ...

පැටලුම් හැර පවසන්
පෙම් කරම්දෝ කියා
දෑසින් බලා මට පවසන්
පෙම් කරම්දෝ කියා

මා සිත රැඳි සිහිනයන් - එහි සරන ගීතයන්
ඒ ගීත ප්‍රේමයෙන් - ජීවය ලබන්නේ...
ඔබ නැති ඒ සිහිනයන් - නොදකිමී මා යළිත්
හරිනෙමී මා දෙතොල් - නිහඬ බව රැඳි මෙතෙක්...

මා මෙන් නොව ඊටත් බෝ සේ
හද ඔබ අදහාලයි මෙලෙසේ
සදා විශ්වාසෙන්...
මා තනි වූ මොහොතක් පාසා
සිතුවේ මා ඔබවයි සැමදා
ඔබෙ පෙමින් වෙලිලා...

නැවත නොඅසම් කිසිදා - පෙම්
කරම්දෝ කියා
ඔබෙ සිහින තුල සිටුමන්
හැකිදෝ කියා

කිව මැන ඔබ හට...

Comments