තනි වූ මා

තනි වූ මා හට පිළිසරණක්
නැති වූ දා මා හට නැවතත්
සැලුවා වූ කඳුලැල් දහසක්
නැති වූ දා සිට නුඹ නැවතත්

කල පෙම් මදි බව නොම දනිතත්
රැක්කේ ඔබ මා මෙන් දෙනෙතත්
සිටියේ රැඳෙමින් ඔබ අසලත්
විටින් විටේ කඳුලැල් සැලුවත්

වෙන් වන බව මා නැත සිතුවේ
මිමිණුවමුත් ඔබ නිති මුවිනේ
වාවනු හැකි වෙද මින් මතුවේ
ඔබ ලඟ නැති බව මා දිවියේ

විටින් විටේ දැවුනත් ගින්නෙන්
ඔබෙ නොරිසුම් හැසිරුම් දැකුමෙන්
මින් මත්තට දැවෙනෙමි නිතොරින්
මියෙනා තුරු නුඹ නොමැති සොවින්

Comments

  1. බ්ගය මෙන්ම අදහස්ද හරි ලස්සනයි. ( මේ කවි නිසදැස් කවි නොවේ. සඳහස් කවි නම්. මෙහි යවහන් දෝස තියෙනවා. යවහන් දොස් සහා එල වැට එලි සමය රැකලා කවි ලියන්න ඕන.) මාද කවියෙක් නිදා මෙලෙස වරද පෙන්වා දුන්නේ. මා ගැන වැරදියට හිතන්න එපා.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  2. Nethin Eha: boma tuti upsdesata. Attatama man elu wata galapanna utsaha karan na. Ekama thaalayakata kiyawena wachana walin liyana ekai mage purudda. Mama nam kaeiyek newei, eth jiwite samahara dewal magen kawi widiyata matu wenawa.

    Geeth: tuti me pattata aawata.

    ReplyDelete
  3. සහෝ..... ලස්සන අදහස් ටික.හිතට මාර විදිහට වැදුනා.දිගටම ලියන්න.පන්ති විශමතාව,නූතන සමාජ ගැටළු ගැනත් ලියන්න.අපේ අය ඒවට හුගාක් කැමති.

    ReplyDelete
  4. Thank you Maali. Personal experience ekak nisai mewa ma liyanne.

    ReplyDelete
  5. අනේ ඇයි සහෝ පරාජිත පෙම ගැන විතරක් හිතන්නේ.මේ ලෝකේ තව ලස්සන දේවල් හුගාක් තියෙනවා.මන් වෙනුවෙන් වෙනස් දෙයක් ලියන්න.plz....

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.