අද මම් තනියම

හැමදේම එපා වුන 
ලෝකෙක
අද මම් ජීවත් වෙනවා 
තනියම
ගොඩ නගන්න අනාගතයක් 
නැතත්
කඩා වැටි බලාපොරොත්තු 
පොදි ගණන්
එකින් එක දිග ඇර ඇර, 
මම මටම
දුක් දෙන ගමන් 
අතීතය අමතක කරන්න
කඳුලු බිංදු හලනවා 
හැමදාම
ඒවායෙන් තෙත් වෙන 
බිමේ
අනාගතයට යන 
පාර කපන්නට

Comments