ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

September 22, 2015

නුරා ගිණි හිස

කොපුල් පිරිමැද ලවන් සිඹිනට
පසක් කරනට බැඳුම සදහට
යහන් කෙළවර සැතපි පා යුග
රැඟුම් දේ රොන් උරණ කල මල

තබා සවනත තිසර අභියස
බලා රත් මුව දෙස ද පොපියන
නිවා දමනට නුරා ගිණි හිස
තලනු යුතුම ද බඹර කෙමියෙන

කලත් වියමන කොනක සිට හිඳ
නැතත් ඇඟලූ සේද පෙරමෙන
වියූ ගෙත්තම් ලිහන දිනයට
පමා වේවි ද කියනු මැන මට

5 comments:

අවංක ආර්යන් said...

ලස්සනයි..........

සාරිකා විචාරනී said...

ඔබේ අගනා නිරිමාණය තුළ පෙන්වන සංයමය ඉතාම ඉහළයි ලස්සනයි

Teshan Nanayakkara said...

බෝම තුති ඔබට.

Teshan Nanayakkara said...

ඔබේ පැසසුම බෙහෝ වටිනවා. නැවත මේ පැත්තේ ඇවිත් යන්න එන්න.

විකේන්ද්‍රික V.K said...

පට්ටයි !

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.