නුරා ගිනි හිස

කොපුල් පිරිමැද ලවන් සිඹිනට
පසක් කරනට බැඳුම සදහට
යහන් කෙළවර සැතපි පා යුග
රැඟුම් දේ රොන් උරණ කල මල

තබා සවනත තිසර අභියස
බලා රත් මුව දෙස ද පොපියන
නිවා දමනට නුරා ගිනි හිස
තලනු සිත් වේ බඹර කෙමියෙන

කලත් වියමන කොනක සිට හිඳ
නැතත් ඇඟ ලූ සේද පෙරමෙන
වියූ ගෙත්තම් ලිහන දිනයට
පමා වේදැයි කියනු බෑ මට

Comments

  1. ඔබේ අගනා නිරිමාණය තුළ පෙන්වන සංයමය ඉතාම ඉහළයි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔබේ පැසසුම බෙහෝ වටිනවා. නැවත මේ පැත්තේ ඇවිත් යන්න එන්න.

      Delete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.