යළි නොබලමි

කරනට හැකි නම් දිය කර
කීමට සිර කර හුන් සැම
මුසු කර ගෙව් දුක් කඳුලට
හැකි වූවොත් නුඹ හමුවට

සිර ගත කර ගෙව් දුක් කඳ
පසුවෙමි තනිකඩ දිවියක
අඳුරුයි එපිටින් ලෝකය
බලනා කල කවුළුන් හැර

ගෙන දෙයි පෙර දා මතකය
දකිනා පෙර මං අප ගිය
හැර දා ගිය ඒ මාවත
යළි නොබලමි කිසිදා මම

සරනට නැත අත් වැල් බැඳ
පවනට මුසු කර පෙම් සුව
යන්නට යන නුඹ දැක දැක
නගිනෙමි මත්තට පෝරක

Comments

  1. ලස්සනම ලස්සනයි..........
    //හැරදා ගිය ඒ මාවත
    යළි නොබලමි කිසිදා මම//
    කරන්න පුලුවං නම් නියමයි. ඒත් කරන්න පුලුවං වැඩක් නෙවෙයි නේද......... පට්ටයි.

    ReplyDelete
  2. නිර්මාණාත්මකයි !

    ReplyDelete
  3. අවංක ආර්යන්, විකේන්ද්‍රික V.K
    ස්තූතියි අදහස් වලට. ආයෙ මේ පැත්තේ එන්න.

    ReplyDelete
  4. යන්නට යන නුඹ දැක දැක
    නගිනෙමි මත්තට පෝරුව..

    ලස්සනයි..

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.