වීරයා ද දුෂ්ටයා ද?

හැමෝම ඔල්වරසන් දෙන
හැමදාම දිනන
පුරුදුකාර වීරයාට වඩා
පෙළක් වෙලාවට
හැමෝම රවන
කවදත් පැරදෙන
උඩු රැවුල් දුෂ්ටයාටත්
හොඳ හදවතක් තියෙන්නැති
පරාද කෙරුවත් එළාරට
දුටුගැමුණුගේ බුහුමනත්
පැහැරගෙන ආවත් සීතාවට
රාවණගේ රැකවරණෙත්
ලැබුනු හන්දා

Comments

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.