හදක් ඇති නම්

එදා හුන් මෙදා නැති 
ඇගේ රුව මොට ද යළි
බදා ගෙන සිතෙන් හරි
විඳවන්නෙ කිමෙයි සකි

දනී නම් නුඹේ ගති
සැලූ කඳුළැල් නෙතිනි
හදක් ඇති නම් ඈට
දුවන් එයි නෙත් බරිනි

අරුත් සුන් නිරුත්තර
පෙමින් ඇගෙ මිදෙන් යළි
සොවින් තොර සිරින් බර
පෙම් කවක් ලියන් සකි

Comments

  1. හදක් නැති
    ඇය යලිත්
    දුවන් එනු
    නැත ඉතින්

    බලා සිටි
    කල් වැඩී
    සුසුම් සැලුවා
    මදැයි

    ඉතින් දැන්
    වසන්තෙට
    පා නගනු
    හෙමින් හෙමින්..

    ReplyDelete
  2. නිදහසේ නවාතැන: බලන් හිටියා නම් ඇති තමයි. :) තුති!

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.