බිනර මල

බිනර මලක් පිපී ඇතේ මා යන අඩි පාරේ
බිනර මහත් පහු වීලා වප් මහ දොර හැරුණේ
විසිර කැඩී ගියපු මනස එක්තැන් වූ වේලේ
බිනර මලකි අවාරයේ සුවඳ බලනු සිත්සේ

කොඳුර කොඳුර බිඟු කැල් නිති රොන් සොයමින් යන්නේ
දහසක් මල් මැද නිල්වන් බිනර මලකි උන්නේ
පෙති තලමින් පැණි බොන්නට බඹරුන් රොක් වන්නේ
නටුවෙන් නොකඩා මල සිඹ මා එතැනින් යන්නේ

Comments

  1. ඔබගේ අදහස්, නිර්මාණශීලීත්වය, හැකියාව විශිෂ්ඨයි..... සුභ පැතුම්....

    ReplyDelete
  2. නුඹ නැතිව පාළුවෙන්
    ගඟන මත නොපායන
    මිහිකතේ නැඟී එන
    නුඹට ආදරෙ පුදන
    මමයි නුඹෙ බිනර සඳ.........

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.