සැඟවූ පෙම

හැකිවෙද දිනකදි හමුවනන්ට යළි
නුඹේ නුවන් යුග දකින අටින්
වසරක් වන් කාලයක් ගෙවී ඇත
නො අසා නුඹගේ වදන් ඉතින්
කෙදිනද නැවතත් හමු වන්නේ අප
ගෙවමි කල්පනා ලොවක සිතින්
මතකද තාමත් පලමු දිනේ අපි
නෙතගින් බැලුවා එබී හොරෙන්

මිතුරු බසින් අප දෙඩුවට බෝ විට
සිත පත්ලේ සිප ගතිමු නිතින්
නිතොරින් දකිනට හැකි නූනත් අප
මැවුවේ නින්දෙදි රුව ද සිතින්
අතිනත් අල්ලා ගත කෙරුවත් අප
දෙසුම් හලේ මුල්ලක සතුටින්
හැමදා අපගේ වෙන්නට ලැබුන ද
පවසා පෙම එකිනෙකා මුවින්

Comments

  1. ලස්සනම ලස්සනයි...... අවංකවම........

    ReplyDelete
  2. අවංක ආර්යන්, කුරුටු ගෑ ගී පවුර:
    ස්තූතියි ඇගයීමට. :)

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.