සොයුරිය නුඹට නිවන් සුව

නව වසක මිතුදම ද මතක ද
අදින් මතුවට ගණිනු කෙලෙසද
හඬන්නට සිත් වුවත් අපමණ
සිතා වියැකුනු බව ම අකලට

ගැහැට බෝ කම් කටොළු විඳමින
එකුන්තිස් වසරක් ම අවසන
ගෙවන්නට බෝ වසක් දැක දැක
පරව ගියෙ කිම මිතුර මේ ලෙස

ලොවට කවි ලිව් මෙමා අද දින
ඔබට කවියක් කියමි මෙලෙසින
දකිනු රිසි වූ ඔබේ දෙනෙතම
පියවිලා නෑරෙන්න කිසි දින

බුදුන් දෙසු ඒ බණට ලැදියෙන
ගෙවූ දිවි එක් කරන් පිං කඳ
හැර ගියත් අප සැවොම තනි කර
පතමි අම මා සොඳුරු නිවන ම

පැතූ බෝධියකින් නිවන් දකින්නට මා හිතාදර චතුරංගි සොයුරියට හැකිවේවා...

Comments

  1. නිවන් සුව පතමු

    ReplyDelete
  2. හිතාදර චතුරංගි අක්කේ..ඔබට නිවන් සුව..!

    නොසිතූ මොහොතක නොසිතූ ලෙසකින් අපව හැරගිය බව..
    තවමත් සිතා ගත නොහැකිය අප හට.. :-(

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.